අවසන් වටයේදී පැයක් පුරා කොට්ටපොර ගසා තරුණයෙකුට අසාධ්‍යයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සිංහල අවුරුද්දට සාම්ප්‍රදායික ක්‍රීඩා පවත්වන්නේ හුදෙක් විනෝදයට හා අපේ සිරිත් විරිත් පවත්වායාමටය. කොට්ට පොර තරග බොහෝ විට තරුණයින් අතර ප්‍රකටව පවතී. ගමේ පිරිස ඉදිරියේ තමන්ගේ ශක්තිවන්තභාවය ප්‍රදර්ශනය කරන්නටද ඇතැමුන් කැමතිය.
මෙම තරගයේ නීතිරීති අනුව කෙනෙකු අනෙකා වැට්ටවිය යුතුය. එය කොපමණ වේලාවක් තුළ සිදුකළ යුතුද යන්න ගැන නීතියක් නැත.


පසුගියදා දඹුල්ලේ පැවති අවුරුදු උත්සවයක කොට්ටපොර තරගයකට සහභාගි වූ තරුණයෙකු දැඩි ලෙස අසාධ්‍ය වූයේ පැයකට අධික කාලයක් දිගින් දිගටම හිසට එල්ලවූ ප්‍රහාරයන් හේතුවෙනි.

හදිසියේ ක්ලාන්තය හා වමනය නිසා රෝගාතුර වී 16දා පස්වරුවේ මාතලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහා රෝහල වෙත මාරු කර හැරී අතර පසුව රාත්‍රියේම ඔහුගේ හිසට හදිසි සැත්කමක් සිදුකර තිඛෙනවා.

මාතලේ, ඇටිපොළ ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයේ කොට්ටපොර තරගයට සහභාගි වී මෙසේ රෝහල් ගත කර ඇත්තේ අඹන්පොළ පදිංචි 22 හැවිරිදි නන්දික හෙට්ටිආරච්චි නමැති තරුණයෙකි.
අවසන් වටයට තරග වැදුණු දෙදෙනා අධික ලෙස පහරකෑවත් එක් අයෙකු හෝ ඇදවැටී පරාජයට පත් වූයේ නැත.


තරගකරුවන් දෙදෙනා අතර පැයකට අධික කාලයක් උණුසුම් තරගයක් තිබී ඇත. අවසානයේදී සංවිධායකවරුන් තරගකරුවන්ගේ කැමැත්ත මත දෙදෙනාටම ජයග්‍රහණය ලබාදී ඇත.
පසුව නන්දික නමැති මෙම තරගකරුට ක්ලාන්තය හා වමනය නිසා රෝහල් ගතකරන්නට සංවිධායකයින් තටයුතු කළා.


දීර්ඝ වේලාවක් පහර වැදීමෙන් හිසෙහි අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරන අතර සැත්කමින් පසු රෝගියා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා.
 
Top