ආදරය නිසාම මේ අවුරුද්දේ ජීවිතේ වෙනසක් වෙයි - පියුමි බොතේජු | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ජනප්‍රියත්වය එක ලෙස රඳවාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්. ඇයට වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් ආදරය කළේ ‘පබා’ ටෙලි නාට්‍යයේ ‘හිමාලි’ට. අදටත් ඇයට ආදරය කරන රසික රසිකාවියන් පියුමිව හඳුන්වන්නේ ‘හිමාලි’ කියලා. ඇය සමග පැවැත්වූ පුවත්පත් සාකච්චාවකින් කොටසක් පහතින්...

රංගන ශිල්පිනියක් ලෙස ඔබට ලැබුණුදේට වඩා අහිමිවුණ දේ වැඩයි කීවොත්” .
ක්ෂේත්‍රයේ පැත්තෙන් මට ගොඩක් දේ ලැබුණා. ඒකාකාරී චරිත රාමුවකට මම කොටුවුණේ නෑ. මම සතුටින් රඟ පෑ චරිත තමා ගෙඩාක් තියෙන්නෙ.ඒ වගේම තව දෙයක් විශේෂයෙන් කියන්න ඕන.

මම විවෘත කෙනෙක්. ඒ නිසා ඉක්මනට රැවටෙනවා. මිනිස්සුන්ව ඕනාවට වඩා විශ්වාස කරනවා. තමන් ළඟින් ඉන්න අයම තමයි අපිව මෝඩයා කරලා රවට්ටන්නෙ. ඒ නිසා දැන් මම ඒ මෝඩ කියන වචනය කපලා දැම්මා.

ඔබ එහෙම රැවටුන අවස්ථා තියෙනවද?
ඔව්. මට මගේ ලක්ෂ 20ක් වටිනා වාහනය පවා අහිමිවුණා. ඒ අයට උදව් කරන්න ගිහින් තව ‍පොඩ්ඩෙන් මම මගේ ඉඩමත් ලියලා දෙනවා ඒ රැවටීමට අහුවෙලා.

දැන් එන අලුත් පරපුරත් රැවටේවිද?
දැන් එන අය නම් එහෙම රැවටෙන්නෑ. මොකද ඒ අය බලන්නෙ එක නාට්‍යයකින් ජනප්‍රිය වෙලා වෙනම ව්‍යාපාරයක් පටන් ගන්න එක. නැත්නම් දේශපාලනයට එන්න.විශේෂයෙන් කියන්න ඕන අද ක්ෂේත්‍රයට එන්න වගේම යන්නත් හරිම පහසුයි. අද රංගන ශිල්පිනියක් කියන දේ සාමාන්‍ය එකක් වෙලා. ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තිබුණට විශේෂ දක්ෂතා තියෙන අය ගොඩක් අඩුයි. එහෙම වුණහම මේ ක්ෂේත්‍රයේ පැවැත්මක් නෑ.

පියුමිටත් දේශපාලනයට අරාධනා ලැබුණාද?
මට නම් නැහැ. කොහොමත් මම අනුමත කරන් නෑ ඒ දේ. ඒ වගේම මට දේශපාලනය ගැන ඒ තරම් දැනුමක් නෑ. ඒ නිසා නොදන්න දේවල් කරන්න යන එකට වඩා හොඳයි තමන් දැනන් ඉන්න දේ කරන එක.

පියුමි චරිතයටද මුදල්වලට ද වැඩි මූලිකත්වයක් දෙන්නේ?
මම කියන්නෑ මුදල්වලට වඩා චරිතය මූලිකයි කියලා. මොකද මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නිසා. අපි කරන චරිතෙට සාධාරණ මුදලක් අපි බලා‍පොරොත්තු වෙනවා.

පුද්ගලික ජීවිතය ගැන මතක් කළොත්?
මේ දවස්වල සතුටින් ජීවත් වෙනවා.

විශේෂ හේතුවක් තියෙනවද?
ඔව් මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ආදරය නිසාම මේ අවුරුද්දේ ජීවිතේ වෙනසක් වෙයි. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්.

යුවතියක් විවාහ වුණාම ඒ පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන්න. හැම කෙනෙක්ම හීන දකිනවා නේද?
ඔව් ඕන කෙනෙක්ගෙ හීනයක් ඒක. සමහරක් වෙලාවට කොච්චර හීන මැව්වත් අදහස් නොගැළපෙනවනම් ඒ හීනෙ හීනයක්ම විතරයි. අතීතයේ සිදුවුණු දේවල් ගැන මම අද පසුතැවෙන්නෑ. මම හිතන්නේ දැන් මගේ අනාගතය ගැන විතරයි.
 
Top