මර්විනුත් ‘මයිල්’ කතාවට එන්ටර් වේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් දුටුගැමුණු රජු මිය ගිය ආකාරයට මියයන්න කැමති නැතැයි ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

කැලණිය ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

‘මට අවශ්‍ය වෙලා තියෙන්නේ තමුන්නාන්සේලාගේ යෝජනා ඉක්මන් කර එවන්න. ඒ වැඩ ටික කර දෙන්නයි මගේ අවශ්‍යතාවය. ඇයි මම එහෙම කියන්නේ දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි සෑය හදලා ඉවර කරන්න බැරිව අභාවප‍්‍රාප්ත වුණා. ඒ වගේ

මැරෙන්න මම කැමති නැහැ. කැලණිය හදන්න ඕනෑ. වැඩිදියුණු කරන්න ඕනෑ.

කැලණියේ දු දරුවන් ඉතාමත් ප‍්‍රාණවත් බුද්ධිමත් පිරිසක් ලෙස ශක්තිමත් කිරීමේ සිහිනය මගේ ළග තියනවා. කැලණිය පරපුරේ අයෝමය ශක්තිය රටට පමණක් නොව මුළු ලෝකයටම පෙන්වීම අවශ්‍යයි.

අපේ ජනාධිපතිතුමා සියලූ ජාතීන් සියලූ ආගම් සමග සහයෝගයෙන් කටයුතු කරන අයෙක්. වැරදි වැඩකරන අයෙක් නෙවෙයි. එම නිසා ජිනීවා සමුළුවට එතුමාගේ මයිලකටවත් අත තියන්න බැහැ’
 
Top