ස්‌වීඩන් යුවළට දුන් පුතා 29 වසරකට පසු අම්මා සොයා ශ්‍රී ලංකාවට එයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මීට වසර 29 කට පෙර ස්‌වීඩන් ජාතික යුවළක්‌ විසින් දරුකමට හදා වඩා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පුතකු ඉන් වසර 29 කට පසුව තමන් කුසෙන් බිහි කළ අම්මා සොයා ශ්‍රී ලංකාවට පැමිණීමේ පුවතක්‌ කටාන පිටියමුල්ල ගම්මානයෙන් වාර්තාවෙයි.

තමන් කුසෙන් වැදූ මව සොයා වසර 29 කට පසු ශ්‍රී ලංකාවට පැමිණියේ ජොනාස්‌ ප්‍රැන්සිස්‌ ක්‌වික්‌ නමැති 29 හැවිරිදි තරුණයාය. හදා වඩා ගැනීමට ආර්ථික හැකියාවක්‌ නැති නිසා

ඔහුගේ මව වන කටාන පිටියමුල්ල ගම්මානයේ පදිංචි (වර්තමානයේ 60 හැවිරිදි) කේ. ආර්. මේරි මාග්‍රට්‌ මහත්මිය තමන්ගේ සිවු වැනි දරුවා රැකවරණය සඳහා කටාන ශාන්ත ලුවිස්‌ ළමා නිවාසයට භාරදී ඇත.

මේ අතර දරුවන් නැති සොවින් දරුවකු පතා ශ්‍රී ලංකාවට පැමිණි ස්‌වීඩන් ජාතික යුවළක්‌ වන එරික්‌ ජෝශප්සන් සහ ඔහුගේ බිරිඳ වන බියටි්‍රස්‌ ක්‌වික්‌ නමැති යුවළ ළමා නිවසය භාරයේ සිටි එම බිලි¹ ගැන පැහැදී අධිකරණ නියෝගයක්‌ මත දරුකමට හදාගැනීමට දරුවා භාරගෙන ඇත.

කාලය සෙමින් ගෙවී ගියේය. දැන් එම ස්‌වීඩන් ජාතික යුවළ වන එරික්‌ ජෝසප්සන් මහතා පනස්‌ හයවන (56) වියෙහි පසුවන අතර ඔහුගේ බිරිඳ වන බ්‍රියටිස්‌ ක්‌වික්‌ මහත්මිය 55 වන වියෙහි පසුවන්නීය.

මෙම සිද්ධියට අදාළ තරුණයා 29 වියට එළඹෙද්දී ඔහුව කුසෙන් බිහිකළ මව ආදී සියලු විස්‌තර දැන ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු තම ශ්‍රී ලාංකික මව ගැන සොයද්දී ඔහුqගේ මව සහ සහෝදර, සහෝදරියන් සිවුදෙනා කටාන පිටියමුල්ල ගම්මානයේදී හමුවිණි.

1984 ජුනි මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ උපත ලබා ඉන් මාස තුනකට පසු ස්‌වීඩනයට ගොස්‌ වසර 29 ක්‌ පුරා එහි හැදී වැඩුණු ජෝසප් ප්‍රැන්සිස්‌ ක්‌වික්‌ තරුණයා දැන් එරට ස්‌ටේපල් මැෂින් නිපදවන කර්මාන්තශාලවක සේවයක කරයි.

වසර 29 කට පෙර තම ස්‌නේහයෙන් ගිලිහී ගිය තම සිවුවැනි පුතා වසර 29 කට පසු ප්‍රථම වරට දැක ඔහුගේ මෑනියන් වූ කේ. ආර්. මේරි මාගරට්‌ (60) මහත්මිය තුටු කඳුළෙන් යුතුව තම ජොනාස්‌ ප්‍රැන්සිස්‌ නමැති පුතු ආදරයෙන් සිප වැළඳගත් අවස්‌ථාව මෙහි දැක්‌වේ. ජොනාස්‌ ප්‍රැන්සිස්‌ තරුණයාගේ අනෙකුත් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියෝ සිවු දෙනාද සේයාරුවේ සිටිති.
 
Top