මිහින්තලේ චිත්‍රපට රූගතකිරීම අතර රාජ පුරුෂ නළුවා තුවායක් ඇඳන් පොලිසියේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

රාජ කථාවක් ඇසුරෙන් මේ දිනවල මිහින්තලේ ප්‍රදේශයේ රූගත කෙරෙමින් පවතින චිත්‍රපටයක රාජපුරුෂයාගේ චරිතය නිරූපණය කරන නළුවෙකු දර්ශන තලයේ ඇතිවූ අකරතැබ්බයක් පැමිණිලි කිරීමට තුවායක් ඇඳගෙන ගමන් මල්ලක් සමග පොලිසියට ආ පුවතක් පෙරේදා වාර්තා වුණා.
ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙකු විසින් නිර්මාණය කරනු ලබන මෙම චිත්‍රපටයේ රාජපුරුෂයෙකුගේ චරිතයට තෝරාගෙන තිබුණ ඩික්සන් ජෙරාඩ් නමැති මේ නළුවා වසර විස්සක පමණ කාලයක සිට

වේදිකා ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණනාවක චරිත නිරූපණය කර ඇති අයෙකි. ඔහු වේදිකා නාට්‍ය අටක් පමණ නිර්මාණයෙන්ද දායක වූවෙකි.
රාජ කතාවේ ඔහුට ලැබී ඇත්තේ රාජ පුරුෂයෙකු ලෙස රඟපාන්නටය.එහි රගපෑම් ගැන අධ්‍යක්ෂවරයා සමග කථීකා කරගැනීමෙන් අනතුරුව පසුගිය 17 වනදා සිට මිහින්තලයේ නැවතී රූගත කෙරුණ ජවනිකා සඳහා ඔහු මිහින්තලේ කළුදියපොකුණ ප්‍රදේශයට පැමිණ ඇත. පසුව එම කටයුතුවලට දින දෙක තුනක් යෙදී සිටින අතර 20 වනදා ඔහුව රාජ පුරුෂයාට අන්දවා මේකප් කිරීමෙන්ද පසු චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා සමග අනපේක්ෂිත ආරවුලකට මැදිවී ඇත. ඔහු කියා ඇත්තේ කැමරා ආම්පන්න ටික සෙට් එකට ඔසවා එන ලෙසය. මට ඕව කරන්න බෑ.. කියමින් ඒ විධානය මොහු ප්‍රතික්ෂේප කිරීම නිසා කැමරා අධ්‍යක්ෂවරයා මොහුට බැණ වැදී ඇත.


අනතුරුව මූ ගාණට වැඩියි..අපි චාන්ස් එකක් දුන්නාම ලොකුකම හිතට අරන්..මං කරන්නංකො හොඳ වැඩක් කියා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට මොහු ගැන පැමිණිලි කර තිඛෙනවා. වැඩක් නෑ මුගෙන්..ඇඳුම් ටික ගළවලා මූව දැන්ම පන්නල දුන්නෙ නැත්තං මං වැඩ නවත්තනවා. කැමරා අධ්‍යක්ෂවරයා පවසා ඇත. 


ඒ බහට අවනතවූ අධ්‍යක්ෂවරයා මොහුව ඒ අනුවම පන්නා දැමීමට ක්‍රියාකර තිඛෙනවා. මේ අවස්ථාවේ සහෝදර ශිල්පීන් කිසිවෙකු ඔහුට උපකාර කර නැති අතර ඔහුගේ ඇඳුම් උනා දමා ඔහු පිටවී යන දෙස සිනාසෙමින් බලා සිට තිඛෙනවා.

ඩික්සන් ජෙරාඩ් චිත්‍රපට රූගත කරන ස්ථානයේ සිට පොලිසියට ආවේ යට ඇඳුම උඩින් තුවායක් පමණක් ඇඳගෙනය. ඔහු අතේ තිබුනේ මිහින්තලයට එනවිට රැගෙන ආ ගමන් මල්ලය. බුලත්කොහුපිටියේ පදිංචිකරුවෙකුවූ ඔහුට බසයක නැගී එහි යන්නට හැකි ඇඳුමක් අඳින්නටද වේලාවක් දී නැත.
සිද්ධිය ගැන පොලිසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔහු ඇඳුම් මාරු කරගෙන පොලිසියෙන් පිටත්ව නිවස බලා ගොස් තිබුණා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කරන බව පොලිසිය පැවසුවා.

ඡායාරූපය - අතුල බණ්ඩාර
 
Top