මුරලිට එරෙහි යෝජනාවක් සම්මත කරලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා මුණගැසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක 'මුත්තයියා මුරලිදරන්' විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හෙළා දකිමින් චාවකච්චේරි නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කර තිබෙනවා.
පසුගිය 21 වෙනිදා පැවැති නගර සභා මාසික රැස්වීමේ දී මේ යෝජනාව නාගරික මන්ත්‍රි පී. ශ්‍රී දරන් විසින් ඉදිරිපත් කරන ලදුව නාගරික මන්ත්‍රි 'කිශෝර්' විසින් ස්ථීර කිරීමෙන් පසු මන්ත්‍රිවරු සියලු දෙනා එම යෝජනාවට සහාය පළ කර ඇත.
"උතුරේ තරුණ තරුණියන් අතුරුදන් වෙද්දී උතුරේ ජනතාව ඒ වෙනුවෙන් දුක් විඳිද් දී

මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටරටවල ක්‍රිකට් ගැහුවා. උතුරේ තරුණයන් අවතක්සේරුවට ලක්කරමින් මුරලිදරන් පැවැසූ දේ නිසා එවන් අතුරුදන් වූ තරුණ, තරුණියන් වෙනුවෙන් දුක් වෙන අයගේ හැඟීම්වලට ඔහුගෙන් අපහාසයක් වෙනවා. මේ නිසා ඔහු උතුරේ ක්‍රිකට් පුහුණු කඳවුරු පවත්වන්න එන විට අපේ විරෝධය ඔහුට පළ කරනවා..." යැයි යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී දරන් මන්ත්‍රිවරයා පවසා තිබුණි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා මුණගැසුණු මුත්තයියා මුරලිදරන් පසුව මාධ්‍යවලට පවසා තිබුණේ වෙනත් අය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වැරැදි තොරතුරු බ්‍රිතාන්‍ය අගමැතිවරයාට සපයා ඔහු මුළාකර ඇති බවත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් වී නැති බවත් ය.
 
Top