ඖෂධ සැපයුම්කරුවන්ට වැඩ වරදින ලකුණු | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඖෂධ මිලදී ගැනීම් විධිමත් කිරීම ස`දහා නව ඖෂධ ප‍්‍රසම්පාදනය ස`දහා වූ ක‍්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

වරින්වර ඇති වන ඖෂධ හිඟය වළක්වාලීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයට අනුමැතිය ලැබීමෙන් අනතුරුව මෙම ක‍්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇති බව ස`දහන්ය.

ඖෂධ සැපයීමේ දී ඇතැම් සැපයුම්කරුවන් විසින් විධිමත් පරිදි එම කටයුතු සිදු නොකිරීම, ඇතැම් ඖෂධ තත්ත්වයෙන් බාල වීම, පිරිවිතරවලට අනුකූල නොවිම, සැපයුම් අඩු කිරිම සහ නියමිත කාලය තුළ දී ඖෂධ සැපයීමට පියවර නොගැනීම හේතුවෙන් වරින්වර ඖෂධ හිඟයන් ඇති වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නව ක‍්‍රියාකාරි සැලැස්ම මගින් මෙම තත්ත්වයන් වැළැක්වීමට පියවර ගැනෙන අතර නිසි ආකාරයෙන් ඖෂධ සැපයීම සිදු නොකරන සැපයුම්කරුවන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව එම අමාත්‍යංශය කියයි.
 
Top