කොටි දළදා මාළිගාවට බෝම්බ ගසා අදට වසර පහළොවයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

-අමතක නොකරමු සැමදා – යළි ඉඩනොම දෙමු කිසිදා ….

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන්  බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ලොරි බෝම්බයකින් විනාශයක්‌ සිදුකර අද (25 දාට) දිනට වසර 15 ක්‌ පිරෙයි.

වර්ෂ 1998 ජනවාරි 25 වැනිදා උදෑසන 6.05 ට බෝම්බය පුපුරුවා හැරීමෙන් බැතිමතුන් ඇතුළු 14 දෙනකු  ඒ ස්‌ථානයේදීම මිය ගියේය. 23 දෙනකු ඉතා බරපතල තුවාල ලැබීය .මියගිය අය අතර බිලිඳු දරුවෙක්‌ ද විය.. බෝම්බ ප්‍රහාරයෙන් සඳකඩපහන, මුරගල් හා දළදා වහන්සේ වැඩහිඳි මාලිගයේ බිත්තිවල ඇතැම් කොටස්‌ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තාප්ප බැමි විනාශ විය. දළදා වහන්සේ වැඩසිටි දළදා මැදුරට කිසිදු විනාශයක්‌ සිදු නොවීය. නඩු විභාගයකින් පසු එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන් බව කියන පුද්ගලයන් දෙදෙනකුට මරණීය දණ්‌ඩනය මහනුවර මහාධිකරණයේ දී නියම විය.

මීට පෙරද එල්ල්ටීටී ත්‍රස්තවාදීන් විසින් 1985 මැයි 14 දා ශ‍්‍රී මහා බෝධීන්වහන්සේ අබියස සිල්සමාදන් වූ උපාසක උපාසිකාවන් ඇතුළු 120ක් මරාදමා ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට ද වෙඩි ප‍්‍රහාර එල්ල කළහ.දළදා මාළිගාවට එල්ල වූ ප්‍රහාරය එල්ටීටීඊය මෙරට තුල ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීමට ප්‍රබල ලෙස බලපෑවේය.
 
Top