හැගීම්වලට වහල් වුණු මව්වරු
මේ වගේ දරුවන් අකාලයේ මියයන්නේ ඔබලා වැනි මව්වරු හැගීම්වලට වහල් වෙලා කරන අශෝභන වැඩ නිසා යැයි මීගමුව දිසා මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ ගෙල වැලලාගෙන මියගිය තරුණියකගේ හදිසි මරණ පරීක්ෂණය පවත්වා මෘත දේහය තරුණියගේ මවට බාරදීමට මීගමුව පොලීසියට නියම කරමින්ය.
මෙලෙස මියගොස් ඇත්තේ 31/19 ශා. ආනා පාර, කුරණ, මීගමුව පදිංචි ඇල්ලගේ දිනේෂා දීප්ති (19* නමැති තරුණියකි.
මීගමුව පොලීසියේ පොලිස් සැරයන් 55561 එස්.එම්.ගමගේ මහතා සාක්ෂි විභාග කළේය.
අංක 31/19 ශා.ආනා පාර කුරණ මීගමුව පදිංචි සුදුදේවගේ සකුන්තලා (55* යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.
මියගිය දිනේෂා දීප්ති මගේ නංගි වන සුදුදේවගේ අනුෂාගේ දුවයි. ඇය දළු කොටුව ලොයලා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ගෙදර සිටියා. අනුෂාට (මගේ නංගි* පළමුව විවාහ වී දරුවන් 1ක් සිටියා. ඉන්පසු ඇය දෙවන විවාහයක් කර ගත්තා. ඔහුගේ නම දන්නේ නැහැ. ඔහුට දාව දිනේෂා දුව සිටිනවා. දැනට දිනේෂාගේ මව පියා දෙදෙනාම කොහේ සිටිනවා දැයි දන්නේ නැහැ. දිනේෂාට බංගදෙනියේ සංජීව කියන අයෙක් සමග සම්බන්ධයක්
තිබුණා. සංජීව ගෙදරට එන්නේ නැහැ. දෙදෙනාම විවාහ වෙනවාට අපේ පාර්ශ්වය කැමැතියි. සංජීවගේ ගෙදරින් කැමැති නැති බව දිනේෂා කියා තිබුණා. මෙම සිද්ධිය නිසා දිනේෂා සිත කලකිරීමෙන් සිටියා. 2014.05.11 ඇය හොඳින් සිටියා. උදේ පල්ලි ගියා. දහවල් අප සමග කෑම කෑවා. මම සවස මීගමුව නගරයට ගියා. එවිට දිනේෂා පමණක් ගෙදර සිටියා. මම නැවත සවස 4.45ට පමණ ගෙදරට ආවා. ගෙදර වෙනදා වගේ දොරවල් ඇරලා තිබුණා. මම ගෙට ඇතුළුවෙන විට දිනේෂාට සාලයේ පඩිපෙළ නගින ඇන්දේ (තරප්පු පේළියේ* දොර රෙද්දෙන් ගෙල වැල දමාගෙන එල්ලී සිටියා.
ඉෂාර රොෂාන් හරිෂ්ඨ අවු. 28 රැුකියාව රියැදුරු 12/1 තලාහේන මීගමුව
මියගිය දීප්ති මගේ එක කුස උපන් එකම සහෝදරියයි. මගේ මව සුදුදේවගේ අනූෂා. පියා රොජර් ගේරගරි නංගිගේ පියා වෙනත් අයෙක්. එම පියාගේ නම දන්නේ නැහැ. දැනට ඔහුත් මගේ මවත් කොහේ සිටිනවා දැයි දන්නේ නැහැ. මම මගේ අම්මාව අවුරුදු 10කින් දැක්කේ නැහැ. මමයි නංගියි අම්මාගේ අක්කාවන සකුන්තලා ළගයි හැදුනේ. නංගි බංගදෙනියේ සංජීව නමැති පිරිමි ළමයෙක් සමග සම්බන්ධයක් තිබුණා. අපි කැමැත්ත දුන්නත් සංජීවගේ ගෙදර අය අකමැති නිසා මම සිතනවා ඇය (නංගි* මෙවැනි දෙයක් කරගන්නට ඇති කියා 2014.05.11 සවස 6.30ට පමණ නැන්දා දුරකථනයෙන් කතා කරලා කිව්වා. නංගි බෙල්ලේ වැල ලාගෙන මීගමුව රෝහලට ගෙන ගියා කියලා. මම රෝහලට යන විට නංගි මියගොස්. මම ඇගේ මෘත දේහය රෝහලේදී හඳුනා ගත්තා.
මරණ පරීක්ෂණය අවස්ථාවේදී පොලීසිය විසින් තරුණිය ගෙල වැල දාගැනීමට පෙර ලියන ලදැයි කියන ලිපියක් හදිසි මරණ පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලදී. එහි මෙසේ සඳහන් විය.
නැන්දේ මම ඔයාලාට ගොඩාක් ආදරෙයි. මට සමාවෙන්න. මම සංජීවට ගොඩාක් ආදරෙයි. හිත හදාගන්න බැහැ. තුෂාරි අක්කේ බේබි අක්කේ මට සමාවෙන්න.
මීගමුව දිසා මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී මලින්තද සිල්වා මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ගෙල සිර වීමෙන් ආශ්වාස පශ්වාස කිරීමට නොහැකිව සිදුවූ මරණයක් බව සඳහන් කර තිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා සාක්ෂි සැලකිල්ලට ගෙන ගෙල සිරකරගෙන සිදුකර ගත් සියදිවි නසා ගැනීමක් බව මීගමුව රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා සිය තීන්දුව දෙමින් පැවැසීය.
රේමන් අපෝන්සු - මීගමුව
Home
»
»Unlabelled
» feeling be helpful mother"s