සැමියා නිසා ඒඞ්ස් වෛරසයට ොදුරු වූ මවක් අනුවේදනීය ක;ාවක්
ශ‍්‍රී ලංකාව තුළ ඒඞ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යන බව ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. මේ වසරේ ජනවාරි 01 වෙනි දින සිට මාර්තු 31 වෙනිදා දක්වා මාස තුනක කාලය තුළ එච්.අයි.වී. ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගෙන ඇති බව හෙතෙම පැවසීය.
මේ වන විට ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයින් 1896 දෙනෙකු වාර්තා වී ඇති අතර ඇස්තමේන්තු කර ඇති සංඛ්‍යාව 3000 - 5000 අතර සංඛ්‍යාවක් බවද අධ්‍යක්ෂවරයා පැවසීය. ආසාදිත දරුවන් 71 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම දරුවන් සියලූම දෙනාටම වයිරසය ආසාදනය වී ඇත්තේ ඔවුන්ගේ මව්වරුන්ගෙන් බවත් පැවසේ.
මේ වන විට ආසාදිත තත්ත්වය ඉක්මවා ගොස් ඒඞ්ස් රෝගීන් බවට පත් වුණු 460 දෙනෙකු හඳුනා ගෙන තිබේ. එමෙන්ම 310 දෙනෙකු ඒඞ්ස් රෝගය හේතුවෙන් මියගොස් ඇති බවද ඒඞ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
පහත පළවන්නේ ඒඞ්ස් වයිරසය ශරීරගත වූ කාන්තාවකගේ සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ලියන ලද ලිපියකි. ඒඞ්ස් ආසාදිතයකු බවට පත්වීම නිසා විඳින්නට සිදුවන දුක් වේදනා ගැන අදහසක් ඇති කරන අතරම එවැනි ආසාදිතයකු පිළිබඳ සමාජය විසින් දැක්විය යුතු මානුෂීය ආකල්පය පිළිබඳ හැගීමක් ඇති කිරීමද මෙවැනි ලිපියක් පළ කිරීමේ අරමුණ වූ බවද සඳහන් කරමු.
කොළඹ ජාතික රෝහලේ 43 වාට්ටුවේ වෛද්‍යවරුන් මට එදා කියූ දෙයින් මගේ මුළු ජීවිතයම මගේ කකුල් දෙක පාමුල කඩා වැටුණා වගේ මට දැනුණා. මට කල්පනා වුණේ මගේ දරුවො දෙන්න ගැන. මම හෙට දවසේ මොකක්ද කරන්නේ කියලා මට හිතා ගන්නවත් බැරිව ගියා. දිනය හරියටම කියනවා නම් 2001 ජූලි 01 වෙනිදා. එදා දවල් මම කොළඹ ජාතික රෝහලට ගියේ අසනීප වෙලා සිටි මගේ මහත්තයාව බලන්නයි. එතැනදී තමයි මට වෛද්‍යවරු කීවේ මගේ මහත්තයාට එච්.අයි.වී. (ඒඞ්ස්* වෛරසය ශරීර ගත වී තිබෙන බව. ඒ කාලය වෙන කොට මේ රෝගය ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙලා තිබුණේ නැහැ.බොහෝ දෙනෙක් කෙසේ වෙතත් රෝහලේ ප‍්‍රධාන හෙදියන්වත් දැනුවත් වෙලා තිබුණේ නැහැ. වෛද්‍යවරු කීපදෙනෙක් මට ළගට අඩගහලා බොහෝම ආදරයෙන් කිව්වා මහත්තයාට එච්.අයි.වී. වෛරසය ශරීරගත වී තිබෙනවා. ඒත් බය වෙන්න එපා. මහත්තයාව ගෙදර එක්ක ගිහිල්ලා හොඳට සත්කාර කරන්න කියලා.
කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ අදහස වූයේ මංගලිකාගේද රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු බවය.ඒ ඇය ස්වාමියා හා එක්ව ගත කළ ලිංගික ජීවිතයේදී ඇයටත් එච්.අයි.වී. වෛරසය ශරීර ගත වී ඇද්ද යන්න බැලීමටය. ඒ පරීක්ෂණයෙන් තහවුරු වූයේ මංගලිකාද ඒ වනවිට එච්.අයි.වී. ආසාදිතයෙකු බවට පත්ව ඇති බවය. මංගලිකාට ඒ වචන දරා ගැනීම ඉතා අසීරු විය. මහා දුකක් වේදනාවක් මෙන්ම කිසියම් නුහුරු බවක්ද ඇයට දැනිණි. ඒත් මංගලිකා කෙසේ හෝ ඒ දුක, ආත්මානුකම්පාව හා නුහුරු බව දුරු කර ගැනීමට උත්සාහ කළා පමණි, රෝහල් වාට්ටුව බාරව සිටි හෙදියක් එච්.අයි.වී. රෝගියෙකු වාට්ටුවේ සිටින බව සඳහන් කරමින් සිදුකළ කලබලය හේතුවෙන් ඒ මොහොතේ ඒ අවට සිටි සියලූ දෙනා ඒ බව දැන ගත්තෝය. මංගලිකාට එය තමා ජීවත් වූ ගමේ වැසියන්ගෙන් වසන් කිරීමට කිසිසේත් නොහැකි වූයේ ඇගේ ගමේ පුද්ගලයෙකුද එම වාට්ටුවේම සුළු සේවකයෙකු ලෙස සේවය කිරීම හේතුවෙනි.
එම පුද්ගලයා ගමට විත් පැවැසූ මේ පුවත ලැව්ගින්නක් ලෙස ගම පුරාම පැතිර ගියේය.
මංගලිකා තම සැමියාද සමග රෝහලේ සිට නිවස බලා ආවේ දොස්තර මහත්වරුන් කියූ පරිදි මහත්තයාව එදාටත් වඩා හොඳින් රැුක බලා ගැනීමේ අටියෙනි. එහෙත් ගමට එන විට ඒ බලාපොරොත්තු සියල්ල බිඳවැටිණි. ගම්මුන් තැන තැන රොක්වී කුටු කුටු ගාමින් නොයෙකුත් දොස් පරොස් කීමට පටන්ගෙන තිබුණි. මංගලිකාට හෝ ඇගේ දරුවන් දෙදෙනාට නිවසින් බැහැර වීමට පවා හෝ නොහැකි තත්ත්වයක් ඇති විය.
මට අද වගේ මතකයි . මහත්තයා ගෙදර ගෙනා දිනට පසු දින මගේ ¥ලා දෙන්නා පාසල් ගියා. පාසලේ ළමයින්ගේ දෙමව්පියෝ සියලූ දෙනාම ඇවිත් ඔවුන්ගේ ළමයින්ව අරගෙන ගිහිල්ලා තිබුණා. අන්තිමට පාසලේ ඉතිරිවෙලා හිටියේ මගේ ළමයි දෙන්නා විතරයි. මේ සිදුවීම මගේ මහත්තයාට දරා ගන්න බැරිව ගියා. මම දරුවෝ දෙන්නා ගෙදර එක්ක ගෙන ආවා. එදායින් පසුව ඒ ඉස්කෝලෙට මගේ දරුවො දෙන්නාට යන්න බැරි වුණා. ඒත් ගැලවීමේ හමුදාව මැදිහත් වෙලා මගේ දරුවො දෙන්නාව රාගම ප‍්‍රදේශයේ පාසලකට ඇතුළත් කරලා ඉගැන්නුවා. ඒත් මේ සිද්ධිය වෙන කොට දුවලා හිටියේ 7 සහ 8 වසරවල. ඒත් ලොකු දුවගේ පාසල් ගමන නතර වුණා. එයාට පාසල් යන්න බැහැ කිව්වා. පොඩි දුව නම් දිගටම පාසල් ගියා.
මංගලිකාගේ පවුලට එන්න එන්නම කරදරවලින් අඩුවක් නොවුණි. නිර්නාමික ලිපි දිනපතාම වාගේ ලැබුණි. ඒ ලිපි කවුරුන් එව්වාදැයි මංගලිකා අදටත් නොදනී. ඒ හැම ලිපියකම සඳහන් වූයේ තමන් පදිංචි වී සිටින නිවසින් පිටවන ලෙස කළ තර්ජනය කිරීම්ය. මේ තත්ත්වය හමුවේ මංගලිකාගේ ස්වාමියාට ජීවන සටනට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා විය. ඔහු නිවසින් පැනගොස් වස පානය කර මිය ගියේය.
මංගලිකා සිය දරුවන් දෙදෙනාද සමග මෙලොව තනි වූවාය. තම දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ සහ පවුලට යහපත් අනාගතයක් ලබාදීමේ අරමුණින් මංගලිකාගේ ස්වාමියා කලකට ඉහත රැුකියාව කළේ විදේශයකය. ඒ හෝටලයක සූපවේදියෙකු ලෙසිනි. නමුත් අද මංගලිකාට දරු දෙදෙනා ඉතිරි කර ඔහු මෙලොව අතහැර ගොසිනි. මේ අතර දිනක් රාත‍්‍රියේදී මංගලිකාගේ නිවසට කවුදෝ ගිනි තබා තිබුණි. තම දරු දෙදෙනාත් සමග නිවසින් පිට වූ ඇය පටාචාරාවක් ලෙස තම මව්පියන් පදිංචිව සිටි රාගම නිවසට පැමිණියේ වෙන කර කියා ගත හැකි දෙයක් නොවූ නිසාය.
ඇයට තම දෙමව්පියෝ සහ සහෝදර සහෝදරියෝ ආදරයෙන් සැලකූහ. ඔවුන් සඳහන් කළේ හැමදාමත් තම සහෝදරිය හා දරුවන් දෙදෙනා රැුක බලා ගන්නා බවයි. දරුවන් දෙදෙනා හදාවඩා ගැනීමේ භාර¥ර කාර්යය මංගලිකාගේ හිස මත පැටවුණි. ඇය එච්.අයි.වී. ආසාදිතයෙකු වුවත් ඒ බව අමතක කර දමා දරුවන් රැුකීමේ කර්තව්‍යයට උර දුන්නාය.
කොළඹ ප‍්‍රජා සංවර්ධන සේවා ආයතනයක රැුකියාවක් මංගලිකාට ලැබුණේ ඔය අතර කාලයේදීය. ඇයට එහි පැවරී තිබූ කාර්යය වූයේ ලිංගික වෘත්තිකයන් සිටින තැන් සොයා ගොස් ඔවුන්ට ආරක්ෂිතව ලිංගික ඇසුර පවත්වන ආකාරය කියා දීමයි. එහිදී ඔවුන්ව කොන්ඩම් භාවිතයට හුරු කිරීම වැනි කටයුතු සඳහා ඇය දායකත්වය ලබා දුන්නාය. මෙම කාර්යය වෙනුවෙන් එදා ඇයට මසකට රුපියල් 3,500ක මුදලක් ලැබුණි. තම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටත්, ඔවුන්ගේ කුසගිනි නිවන්නටත් ඇයට එයින් කිසියම් පිටිවහලක් ලැබුණි.
මේ වන විට මංගලිකා එච්.අයි.වී. ආසාදිතයෙකි. ඒත් ඇය එඞ්ස් රෝගියෙකු නොවේ. වෛරසය ඇගේ සිරුර තුළ පැවතියත් ඇය තවමත් රෝගියකුගේ තත්ත්වයට පත් වී නොමැත. ඒ තත්ත්වයට පත් නොවීමට ඇය හොඳින්ම වගබලා ගන්නේ වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදිමිනි. වෛද්‍යවරුන් නියම කරන ඖෂධ කලට වේලාවට ලබා ගන්නා අතර අදාළ පරීක්ෂණවලට යොමු වීමද සිදුකරයි.
මංගලිකා උභතෝකෝටික ප‍්‍රශ්නවලට මුහුණ දුන් ගැහැනියක වුවද, එමෙන්ම එච්.අයි.වී. ආසාදනය වූ ගැහැනියක වුවද ඇය මේ වන විට ර්‍ණ එච්.අයි.වී.පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක්” ආයතනයේ අධ්‍යක්ෂිකාව ලෙස සේවය කරන්නීය. වෛරසය ආසාදිතවූවන් සොයා ගොස් ඔවුන්ට පිහිට වීම ඇයගේ වෘත්තිය වී තිබේ. අවශ්‍ය උපදේශනය ලබා දෙමින්, ඔවුන්ගේ අයිතීන් දිනා දීමට කටයුතු කරමින්, අන් අය හා සමාජයේ එකට එක්ව සමව සිට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරමින් හා ඖෂධ භාවිතා කරන අයුරු හා පරීක්ෂණයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ආසාදිතයන්ට දැනුවත්භාවයක් ලබාදීම ඇයගේ කාර්යභාරය වී තිබේ.
මංගලිකා එච්.අයි.වී. ආසාදිතයන් සොයා ගොස් ඔවුන්ට පිහිටවීම සම්බන්ධයෙන් විශේෂ ඇගයීමකට ලක් වූයේ 2012 වසරේදීය. ඇමෙරිකාවේ එක්තරා සංවිධානයක් විසින්, එච්.අයි.වී. ආසාදිතයන් වෙනුවෙන් සමාජ සත්කාරයන් සිදු කළ රටවල් 156ක් අතරින් හොඳම සමාජ මෙහෙවර කළ රටවල් 10ක් තෝරාගන්නා ලදී. එම රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රින්සි මංගලිකාත් පැමිණ සිටීම ඇගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ඇය සලකයි.
ශ‍්‍රියානි