ගුරු නිවාසේ හොර සීන් වීඩියෝ කරලා ක්ලිප් ටික බිරියට හසුවී රැකියාවත් කසාදෙත් අහිමි වෙලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News


තමන්ගේ බිරියට හොරා තහනම්ගහේ ගෙඩි කමින් ඒවා වීඩියෝවට නැගූ පුද්ගලයෙකුගේ වීඩියෝ ක්ලිප් සහිත සීඩී පටයක් බිරියට හසුවීමෙන් පසු ඔහුගේ විවාහයද කඩාකප්පල්වී රැකියාවද අහිමිවූ පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ නගර බද විදුහලක සේවය කළ අමරේ නමැති ඔහු විද්‍යා උගන්වන දක්ෂ ගුරුවරයෙකි. ඔහු කැමරාකරණයද විනෝදාංශයක් වශයෙන් හදාරා සිටියෙකි.


විවාහක පුද්ගලයෙකුවූ අමරේත් බිරිය සුසිලාත් විද්‍යාලයේ ගුරු නිවාසයේ පදිංචිව සිටියා.කුරුලු ජෝඩුවක් මෙන් පෙමින් කල්ගත කළ ඔවුන්ගේ පළමු දරු උපතට ආසන්න කාලයේ අමරේගේ සරසවි මිතුරියක වූ රානි උපාධි පත්වීමක් ලැබ ඔහු සේවය කළ විද්‍යාලයට පැමිණ තිබුණා. අමරේගේ පැරණි මිතුදම යළි අලූත්වී රානි සමග සමීප ඇයි හොඳයියක් පවත්වමින් සිටින අතරේ ඔහුගේ ගැබ්බර බිරියට දරු උපතට ආසන්නයේ අම්මලාගේ ගෙදර ගොස් නවතින්නට සිදුවුණා.


අමරේට පාසලේ රාජකාරීවලින් මිදීමට නොපුළුවන්වූ නිසා ඔහු ගුරු නිවාසයේ තනිවුණා. මේ අතර ඔහුගේ සරසවි මිතුරුකම ප්‍රේම සම්බන්ධයක් බවට පත්ව එයිනුදු නොනැවතී අනියම් අඹුසැමි සම්බන්ධයක් බවට පත්වන්නට වැඩිකාලයක් ගතවූයේ නැත.

විවාහවන වයසද ප්‍රමාදවී සිටි රානි ලද අවස්ථාවේ වරදෙහි බැඳී තිබුනේ ඇගේ කැමැත්තෙනි.
පාළුවට ගිය ගුරු නිවාසයේ මේ දෙදෙනාට එකතුවන්නට හොඳ වාතාවරණයක්ද සකස්ව තිබුණා. දෙදෙනා අතර සබඳතා පවත්වන ආකාරය නැවත නැවත රසවිඳීමේ අමුතු ආසාවක් තිබුණ අමරේ රානිට හොරා ඒවා වීඩියෝගත කිරීමේ උපායක්ද යොදා තිබුනේ ඔහු සතු ජංගම දුරකථනයක් ඇඳ දෙසට අටවා තැබීමෙනි. ඔහු එම වීඩියෝ ක්ලිප් වරින්වර නැරඹීමෙන් ආශ්වාදයක් ලැබූ බව පැවසුණා.


ටික කලකට පසු සුසිලා තම කුළුඳුල් දරුවා සමග අමරේ පදිංචි ගුරුනිවාසයට පැමිණියා.

තමාට විවේක ඇති හැම අවස්ථාවකම අමරෙගේ කාමරෙන් පොත්පත් රැගෙන කියවීම පුරුද්දක් කරගත් ඇයට දිනක් පොත්පත් අතර තිබූ සීඩී තැටියක් හමුවුණා. සුරක්ෂිතව අසුරා තිබූ මෙය කුමක්දැයි දැනගන්නට සුසිලා උනන්දුවුණා. සැමියා නිවසේ නොසිටි වේලාවේ පරිගණකය ක්‍රියාත්මක කර සීඩී තැටිය පරීක්ෂා කළ සුසිලාට දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි වුණා. එහි තම සැමියා සොර අඹුවක සමග එකට සිටින වීඩියෝ රූපරාමු දැක ඇගේ සිත සලිත වුණා.තමන් නැති අතරේ සැමියා නාඩගම් නටා ඇති බව ඇය තේරුම් ගත්තා. එහි සිටි කාන්තාව කවුදැයි අඳුනාගන්නටද සුසිලා සමත්වූ අතර ඇයට සැමියා ගැන ඇතිවූයේ දැඩි පිළිකුලකි.
නිවසට ආ සැමියා සිද්ධිය දැනගෙන අධික ලැජ්ජාවට පත්වුණා.

දරුවෙකුගේ මවක වුවත් මේ සිද්ධිය මත විවාහය කටුගාන්නට අවශ්‍ය බව සුසිලා තීරණයකට ආවේ මෙයින් පසු සැමියා සමග කිසිම මොහොතක් එකට සිටින්නට බැරි බව තේරුම් ගනිමිනි. සීඩී තැටියේ පිටපත් කිහිපයක්ද ඇය සාක්ෂි වශයෙන් තබා ගත්තා.

මේ දෙදෙනාගේ ප්‍රශ්න දැනගත් සුසිලාගේ දෙමාපියන් එය විසඳන්නට උත්සාහ කළත් පළක් වූයේ නැත. මේ අතරවාරයේ රානිගේ ගෙදර උදවිය හමුවී සිද්ධිය වටහාදී අනියම් සම්බන්ධය නතර කිරීමට සුසිලාගේ මාපියන් කටයුතු කළ අතර එයින් පසු දැනගන්නට ලැබී ඇත්තේ රානිට විවාහ යෝජනාවක් පැමිණ ඇති බවකි. රානිත් අමරේත් අතර වීඩියෝ සිද්ධිය ඔවුන් සේවය කළ පාසැලටද දැනගන්නට ලැබුණ අතර වීඩියෝ සර්ගේ විස්තර ආරංචිවී රානිගේ අලූත් මංගල්‍යයද කඩාකප්පල් වන්නට වැඩිකල් ගියේ නැත.

සුසිලා සිද්ධියට පසුදින සිට සැමියාගෙන් වෙන්ව මහගෙදරට ගොස් ජීවත්වූ අතර ඇය අමරේගෙන් දික්කසාදය ඉල්ලා නඩුවක්ද ගොනු කළේ සීඩී පටයේ සාක්ෂිද අතැතිවයි.

මේ සිද්ධිය අමරේ සේවය කළ විද්‍යාලය තුළ පමණක් නොව අවට විදුහල්වලත් දරුවන්ගේ දෙමාපියන් අතරත් පැතිර ගොස් සබරගමු පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා වෙතද ගොස් තිබුණා. පාසැල් ගුරු නිවාසයක අනියම් ඇසුරක් පවත්වමින් වීඩියෝගත කිරීම අමරේගේ රැකියාවේ ප්‍රශ්නයකටද මුල්වුණා.
සුසිලා අමරේගෙන් වෙන්වන්නට තීරණය කර මේ වනවිට අවිස්සාවේල්ල දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා අවසන්ය.


අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකින් පසු අමරේගේ සේවය පසුගිය සතියේ අත්හිටුවන්නටද නියම වුණා.

තොරතුරු -කොගආග ගුණසේකර ඇහැළියගොඩ
 
Top