මිතුරා ගෙදර යවන්නැයි මව කී නිසා සාමාන්‍ය පෙළ සිසුවකු ටයිපටියෙන් එල්ලී මිය ගිහින් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තම පන්තියේ හොඳම මිතුරා එක් දිනක් නිවෙසේ රඳවා ගැනීමට මව එපා කීවා යැයි කණස්සල්ලට පත් සාමාන්‍ය පෙළ පාසල් ශිෂ්‍යයකු සිය නිවෙසේ කාමරය තුළ පටියකින් ගෙල වැලලාගෙන මියයාමේ සිද්ධියක් කෑගල්ලෙන් වාර්තා වනවා.
 

 මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ කෑගල්ල ගලිගමුව නගරයේ බිසෝවෙල දකුණ ලිපිනයේ පදිංචිව සිටි කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඩී. ආර්. ඉසුරු ලක්ෂාන් ජයවික්‍රම නමැති 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.

මියගොස් සිටින පාසල් ශිෂ්‍යයාගේ පියා නිවෙසට පහළින් වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පවුලේ එකම පිරිමි දරුවා වන මේ පාසල් ශිෂ්‍යයාට

වැඩිමහල් සහෝදරියක් සිටියි.
මියගොස් ඇති පාසල් ශිෂ්‍යයා පසුගිය 13 වැනිදා සවස පාසල් ගොස් නිම වී මිතුරකු සමග නිවෙසට පැමිණ ඇති බව වාර්තා වුණා.

එම මිතුරා මීට පෙර වතාවක්ද මේ පාසල් ශිෂ්‍යයාගේ නිවෙසට පැමිණ ඇති අයෙකු බවත් කියැවුණා. මියගිය පාසල් ශිෂ්‍යයා තම ඇඳුම් පැලඳුම්ද මිතුරාට ලබාදී එදින නිවෙසේ රඳවා ගැනීමේ අදහසින් පසුවී තිඛෙනවා.

නමුත් නිවසේ සිටි සිසුවාගේ මව මිතුරා නතරකිරීමට හදනවාට සිසුවාට විරෝධය පළකර තිඛෙනවා.

පසුව මේ පාසල් ශිෂ්‍යයාගේ මව තම දරුවාටත්, අන් දරුවාටත් දහවල් කෑම ලබාදී තම පුත්‍රයාට ප්‍රකාශ කර ඇත්තේ අද දින තම යහළුවා නිවෙසේ රඳවා නොගන්නා ලෙසත්, හෙට දින පුර පසළොස්වක පොහොය දින නිමිත්තෙන් සිල් ගැනීමට යාමට ඇති හෙයින් මිතුරා ආපසු නිවෙස බලා පිටත් කර යවන ලෙසය.

තමා මිතුරාට පොරොන්දුවූ පසු මවගේ කීමට එය වෙනස් කරන්නට සිදුවීම ගැන සිසුවා කණස්සල්ලට පත්ව තිඛෙන නමුත් මව සමග වැඩි වාදයකට නොගොස් එම කීමට අනුකූලවන්නට ඔහු ක්‍රියා කර තිබුණා.

පසුව තම මිතුරා බස් රථයකට ගොඩකර ආපසු නිවෙස බලා පැමිණි සිසුවා කලකිරුණ සිතින් කාමරයට ගොස් නිදාගෙන සිටින අයුරුද මව දැක ඇත.

මේ අතරවාරයේ ශිෂ්‍යයාගේ මව නිවෙස පිටුපස තිබූ දර ගොඩක් කපා සැමියාගේ වෙළෙඳසලට ඒවා ලබාදී විනාඩි 10කින් 15කින් පමණ ආපසු නිවෙස බලා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ දුටු දෙයින් සිත කම්පනයට පත්ව ඇත.

කලකිරුණ මනසින් සිටි සිසුවා කාමරයේ පරාලයක ටයි පටියකින් ගෙල වැලලාගෙන මියගොස් සිටින දර්ශනය මවට දැකගන්නට ලැබී ඇත.

මවගේ විලාප දෙන හ~ ඇසී අසල්වාසීන් වහා ස්ථානයට පැමිණ ශිෂ්‍යයා රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව වාර්තා වුණා.

මෙම සිද්ධිය සියදිවි නසාගැනීමක් බව පරීක්ෂණ වලදී අනාවරණය වන අතර මවගේ සාක්ෂි අනුව ඇතිවූ මානසික කලකිරීමක් නිසා ක්ෂණික ආවේගයට සිදුකරගත් දෙයක් බවට සැකකරන බව පොලිසිය වාර්තා කරනවා.
 
Top