ගයේෂගෙයි රුවන්තිගෙයි පව් තම කරපිටින් ගිය බවට ජින්ජර්ගෙන් චෝදනා! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පලාත් සභා මැතිවරණයට පසුගියදා දුමින්ද සිල්වා විසින් ගයේෂා, රුවන්ති හා ජින්ජර් ඉදිරිපත් කළද ඔවුන් තිදෙනාටම නාමයෝජනා ලැබුනේ නෑ.

අනතුරුව ඔවුනොවුන්ට නාමයෝජනා නොලැබුනේ අනෙකා ගේ වැරදි නිසා බව පවසමින් කුලල් කාගන්නා තත්ත්වයක් දැන් ඉස්මතුවී තිබෙනවා. ජින්ජර් වයිට් පවසන්නේ අනෙක් නිළියන් දෙදෙනාගේ පව් තමාගේ කරපිටින් ගිය බවයි.

රුවන්ති මංගලා බොළඳ චරිතයක් නිසා ඇය දේශපාලනයට ගැලපෙන්නේ නැති බවත්, ගයේෂා රූපවාහිනියේ අඬලා කඳුළු මාර්කට් කරලා ජන්ද ගන්න උත්සාහ කළ බවත් ඇය පවසනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින උපේක්ෂාත්, පලාත් සභාවේ සිටින අනර්කලීත් කළ දෙයක් නොමැති නිසා

එම වපර ඇසින් ජනතාව තමා ගැනද බලා ඇති බවයි ඇය පවසන්නේ.

නිළියන්ගේ දේශපාලනය එසේ තියෙද්දී ගයේෂා හා රුවන්ති නිසා නිසා තමාගේ චරිතයට අපහාසයක් වූ බවත්, ඔවුන් දෙදෙනා ජන්දයට ඉදිරිපත් වන බවට කල්තියා දුමින්ද සිල්වා ඇයව දැනුවත් කලා නම් ඇය නාමයෝජනා සඳහා ඉදිරිපත් වෙන්නේද නැති බවත් පවසනවා.

අවසානයේ ඇය පවසන්නේ දුමින්ද සිල්වාටත් කරන්න බැරි වැඩ තිබෙන බව තමා තේරුම් ගත් බවයි.

ඔක්කොම බලාපොරොත්තු සුනේ සුන් නේද?
ඇත්තටම කියනවා නම් මම හරිම කලකිරීමෙන් ඉන්නේ. ඇත්තටම මේක හරි අසාධාරණයි.

ඔබට නොදෙන්න හේතුව පක්ෂය නිල වශයෙන් දැන්වූවද?
මොකක්ද කියන හේතුව තාම දැන්නුවේ නෑ. මටත් දැනගන්න ඕනේ ඒක තමයි. ඇයි අදටත් පක්ෂයෙන් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළේ නැත්තේ?

නිකන්ම දාලා නිකන්ම කපන්න අපි විහිළු නෙවෙයිනේ. එක එක්කෙනාගේ ආමාරුවට ඇවිත් ආරාධනා කරලා තව එක්කෙනෙකුගේ උවමනාවට කපන්න මම කාඩ් කුට්ටමේ ඉන්න කාඩ් එකක් නෙවෙයිනේ. එහෙම විසික් කරලා දාන්න නෙවෙවෙයි මම ඉන්නේ.

හිතන විදිහට මොකක්ද ඔයා මේකෙන් කැපෙන්න හේතුව?
එක හේතුවක් මම කියන්න ඕනේ. මෙතන නිළියෝ දෙන්නෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා මාව දැනුවත් කළා නම් මම පලාත් සභාවට ඉදිරිපත් වෙන්නේ නෑ.

අද රටේ නිළියෝ ගැන ආකල්පය නිළියෝම වනසාගෙන ඉවරයි. එක්කනෙක් පාර්ලිමේන්තුවේ. එක්කනෙක් පලාත් සභාවේ. ඒ අය මොනවද කරලා තියෙන්නේ? හැබැයි එහෙම කරලා මගේ ගමන නතර කරන්නත් බෑ, මගේ හඬ නිහඬ කරන්නත් බෑ.

ජින්ජර් කියන්නේ නිළියන්නේ පව් ජින්ජර්ගේ කරපිටින් ගියා කියලා...එහෙමද?
අනිවාර්යයෙන්ම. දැන් බලන්නකෝ එක්කනෙක් බොළඳ චරිතයක්. බොළඳකම දේශපාලනයට හරියන්නේ නෑ.

අනෙක් එක්කෙනා ටීවී එකේ අඬලා කඳුළු මාර්කට් කරන්න ගියා. මම ආවේ එහෙම මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි.

ඇත්තටම නිළියෝ හින්දා මට වෙච්ච අපහාසය, මට අහන්න වුණු අවලාද, මට ගහපු මඩ මම හෙළා දකිනවා. මං ඇවිල්ලා පීචං වෙච්ච ජෝකර් කෙනෙක් නෙවෙයි.

නිළියන්නේ ගොඩටම වරද දාන එක වැරදියිනේ. ඔයාට පිළිගැනීමක් තිබුණා නම් ඔයාට නොදී ඉන්න එකක් නැහැනේ?
නිළියන්ගේ පිට වරද දානවා නෙවෙයි. ඇත්තම කියනවා නම් එයාලගේ ක්ෂේත්‍රයයි මගේ ක්ෂේත්‍රයයි වෙනස්. මාධ්‍යවලින් පවා, වෙබ් සයිට් වලින් පවා නිළියන්ගේ ගොඩටම මාවත් ලේබල් කළා.

නිළියෝ, නිළියෝ කියලනේ හෙඩ්ලයින් ගියේ, ඒ ගොඩටම මගේ මූණත් ඇඩ් කළා. ජින්ජර් කවුද කියලා එතන හිටිය ඇමති මණලයවත් හරියට දැනන් හිටියද? මාව ජෝකර් කැරැක්ටර් එකක් කරපු එක මම තරයේ හෙලා දකිනවා. එක්කනෙකුගේ උවමනාවටනේ කැපුවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගසාකෑමක් මේක.

කාටද දෙන්නේ, කාටද නොදෙන්නේ කියා අවසාන තීන්දුව ගැනීමේ අයිතිය තියෙන්නේ පක්ෂයට. ඒකට අභියෝග කරන්න ඔයාට තියන අයිතිය මොකක්ද?
විපක්ෂයෙනුත් එහෙනම් කලාකරුවෝ දැම්මනේ ඒගොල්ලෝ උගත්, බුද්ධිමත් සුදුසුකම් ඔක්කොම තියනවා. මුළු පැකේජ් එකම තියනවා. එක්කෝ ඇමති කෙනෙකුගේ දුවක් වෙන්න ඕනේ. නැත්නම් මං ඉපදිලා තියන ස්ත්‍රී ලිංගයෙන්නේ. ඒක වෙනස් කරගන්න ඕනේ.

මේ ප්‍රශ්නයට දුමින්ද සිල්වා මැදිහත් වුනේ නැද්ද?
කවුරුත් මැදිහත් වුණේ නෑ. මට තේරුණේ එකම එක දෙයයි.දුමින්ද සිල්වා මංත්‍රීතුමාටත් කැපිලි තියනවා. දුමින්ද සිල්වාටත් කරන්න බැරි දෙවල් තියනවා කියලා විතරයි. දැන් මේ ගේම් එක ගහන්නේ මම.
 
Top