මං වනචරයෙක් නෙවෙයි - පද්මසිරි කොඩිකාර පිළිතුරු දෙයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ප්‍රවීණ අධ්‍යක්‍ෂකවරයෙක් වූ පද්මසිරි කොඩිකාර විසින් "කෝරළේ මහත්තයා" ටෙලි නාට්‍යය මාලාවට තෝරාගත් රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන ලක්ෂිකා හා නිශානි යන දෙදෙනාට යුතු යෝජනා ගෙන ආ බව මින් පෙර අප විසින් හෙළිකරනු ලැබිණි.

එම නිලියන් දෙදෙනා මෙතක් හඳුනාගෙන නොසිටියත් මෙම සිදුවීමට මුහුණ පෑමෙන් අනතුරු දුරකතනයෙන් කතාකොට ඔවුන්ට සිදුවූ අපහසුතාවය පිලිබඳ සාකච්ජාකොට ඇති අතර දෙදෙනාම මේවනවිට පද්මසිරි කොඩිකාරට එරෙහිව අවි අමෝරා සටනට එළඹ ඇත.

ලක්ෂිකා පවසන්නේ පද්මසිරි විසින් ඇයට යුතු යෝජනා කල බවට සාක්ෂි ඇතිබවත් ඇය ඒවා අවශ්‍යය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බවකි. තමා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට රැගෙන යන අතරවාරයේ

පද්මසිරි කොඩිකාර අතරමග වාහනය නවත්වා ෆාමසියකට ගොඩවී උපත්පාලන කොපු පැකට්ටුවක් මිලදීගත් බවද ඇය හෙළිකොට තිබේ.

ඇයට සහයෝගය දෙමින් ලක්ෂිකා ද පවසන්නේ තමාට සිදුවීමට ගිය අතවරය සම්බන්ධයෙන් තමා සහතික වන බවත් ඒ සම්බන්ධව අවශ්‍යය ඕනෑම මෝහතකදී කතා කිරීමට සූදානම් බවත්ය. නමුත් මේ සියළු කතා ප්‍රතික්ෂේප කරමින් පද්මසිරි කොඩිකාර පවසන්නේ එම සියළු චෝදනා වල තමන් නිවැරදිකරු බවයි.

අවශ්‍යනම් අදාළ ස්ථාන වල සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීම මගින් තමා වැරදිනම් ඔප්පු කරන ලෙස ඔහු අභියෝගකොට තිබේ. ලක්ෂිකා ටෙලි නිළිය එල්ලකළ චෝදනා හමුවේ පද්මසිරි කොඩිකාර ලක්ෂිකා වෙතද චෝදනාවක් ඉදිරිපත්කොට තිබුනේ මෙලෙසිනි.

"සුදර්ශියේදී මුණ ගැහුණු වෙලාවේ මං මෙයාව ප්‍රශ්න කළා. කවුද කොහොමද කියලා දැනගන්න ඕනනේ. මං ඇහුවා ඔය ළමයාගේ ගම කොහේද කියලා. ගම්පහ පැත්තෙ ගමක් කිව්වා. දැන් කොහේද ඉන්නෙ කියලා මං ඇහුවා. කිරුළපන පැත්තෙ ලේන් එකක නමක් කිව්වා. ඉන්න තැන කොහොමද ඇහුවා.

ඒක ලක්ෂරි එපාර්ට්මන්ට් එකක්. ෆුල් ෆර්නිචර් කරපු එකක්. රුපියල් තිස්පන්දාහක් කුලී ගෙවනවා කිව්වා. හැබැයි එදා සුදර්ශියට ආවේ ත්‍රීවීල් එකකින්. ඒ නිසා මං දැන ගත්තා මේක මෙයාගේ පවුල් පසුබිමෙන් ආව තත්ත්වයක් නෙවෙයි කියලා. එයා රුපියල් තිස්පන්දාහක් කුලී ගෙවනවා නම් අනිත් වියදම් බැලුවම අඩුම වශයෙන් වියදම රුපියල් 75,000ක් වත් වෙන්න ඕන.

පස්සේ මං ඇහුවා කවුරු හරි උදවු කරනවා නේද කියලා. මට ඇත්ත කියන්න නැත්නම් මේකට ගන්නෙ නෑ කියලා කිව්වා. ඊට පස්සෙ මට කිව්වා අර අයියා මට උදවු කරනවා කියලා.

ඒ කිව්ව අයියා ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මං කිව්වා ළමයෝ ඕක මාත් එක්ක කිව්වට කමක් නෑ වෙන කාත් එක්කවත් කියන්න එපා කියලා. මට මෙයාව හම්බවුණේ දවස් තුනයි. පළමු වැනි දවසේ හඳුනාගෙන සාකච්ඡා කළා. දෙවැනි දවසේ සුදර්ශියට ඇවිත් ඉන්ටර්විව් කරලා පිටත් කළා.

තුන්වැනි දවසේ රන්මිහිතැන්න මුහුරත් එකේදි මුණගැහුණා. එහෙම නැතිව කිසිම තැනක මට එයා මුණගැහිලා නෑ. අඩුම තරමේ නියපොත්තකින් අල්ලලාවත්, අනවශ්‍ය විහිළුවක් කරලාවත් නෑ. අපි අවස්ථා කිහිපයකදීම හම්බ වුණානේ. ඇඳුම් මහන්න එහෙම ගියානේ. ඒ වෙලාවක අනවශ්‍ය දෙයක් වුණා නම් මම වනචර මිනිහෙක් කියලා තේරුණා නම් ඇයි මේකට ආවේ?"
 
Top