දැන් මගේ පිස්ටන් වැඩ කරන්නේ නෑ.. එන්ජිම අන්ඩර් කම්ප්‍රෙෂර් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දැන් තමන්ගේ එන්ජිම අන්ඩර් කොම්ප්‍රෙෂර් වී පිස්ටන් වැඩ කරන්නෙත් නැකි නිසා පුතා ඉදිරිපත් කරන බව ඇමති කුමාර වෙල්ගම කියයි.

ඔහු මෙසේ කීවේ මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ පැවතී උත්සවයක් අමතමිනි.

‘මං දැන් ටිකක් වයසයි. හැබැයි තාම මුහුණ නම් හොදයි. කවුරුත් කියනවා කුමාර මහත්තයා තාම ලස්සනයි කියලා. නමුත් මගේ ඇන්ජිම ඇතුළේ පොඞ්ඩක් අන්ඩර් කොම්ප්‍රෙෂර් පිස්ටන් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මං හිතුවා

මගේ පුතාවත් දේශපාලනයට ගේන්න. එයා මං වගේ උස මහතයි. මට වඩා හොදට ඉගෙන ගෙන තියනවා. මේ සැරේ පළාත් සභා ඡන්දයට පුතාව ඉදිරිපත් කරනවා. මේ ක‍්‍රමය ලංකාවට ඉගැන්නුවේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මහත්තයා. එයාගේ පුතාව අගමැති කරලා මේ ක‍්‍රමය ලංකාවට ඉගැන්නුවේ.ඞී.එස් සේනානායක’යැයිද වෙල්ගම මහතා කීය.
 
Top