මාධ්‍යවේදිනිය මරාදමා ඇත්තේ පේන්ට් කරන්න ආපු බාස් | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ඊයේ උදෑසන බත්තරමුල්ලේ ගැමුණු මාවතේ නිවසක මුළුතැන්ගෙය තුල ගෙල කපා මරාදමා තිබුණ මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ මිනීමරුවා පැය 24 ක් යන්නට පෙර ඊයේ රාත්‍රී 8 ට පමණ දොම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නට මිරිහාන විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිඛෙනවා.
පොලිස් වාර්තා අනාවරණය කරන ආකාරයට 40 හැවිරිදි අවිවාහක මාධ්‍යවේදිනිය මරාදමා ඇත්තේ සොරකමේ ආ පුද්ගලයෙකු සොරකම වැරදීමෙන් පසුය.පොලිසිය හසුකරගත් මිනීමරුවා තමන් මෙල් මෙනෙවිය මැරූ බවට පාපොච්චාරණය කර තිඛෙනවා. ඔහු මෙම නිවසේ තීන්ත ආලේප කිරීම සඳහා මින් ඉහත සති ගණනාවක් තිස්සේ නිවසට පැමිණි පින්තාරු බාසුන්නැහේ කෙනෙකි.


බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ දෙමහල් සුඛෝපභෝගී නිවසක් වන මෙහි තීන්ත අලේප කිරීම සඳහා කාලයක් තිස්සේ කුලී වැඩට ආ මෙම බාස් උන්නැහේ

නිවසේ උදවිය අනිවාර්යයෙන්ම ඉරිදාට පල්ලි යන බව දැන සිටි අතර ඒ අවස්ථාවේ නිවසේ කිසිවෙකු නැති නිසා සොරකමක් සිදු කරන්නට හොඳම වේලාව එය බව සිතා ඉරිදා මෙම සොරකම සිදු කරන්නට සැලසුම් කර තිඛෙනවා.

හැම ඉරිදාම පල්ලි ගියත් මේ ඉරිදා කිසියම් අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා මෙල් මෙනෙවිය පල්ලි නොයන්නට තීරණය කර තිබුණ අතර ඇගේ මල්ලීත් අම්මාත් තාත්තාත් පමණක් ඊයේ පල්ලි ගොස් තිබුණා.


සොරකම කරන්නට ආ බාස් සියල්ලන් පල්ලි යන්නට ඇතැයි සිතා මේ නිවසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවී තිඛෙන අතර ඔහු නිවසේ දොර ඇරගෙන ඇතුළට එන්න හදන විටම උඩු මහලේ සිට පහළට ආ මෙල් මෙනෙවියට හසුවී තිඛෙනවා. තීන්ත බාස් හොරකමේ ඇවිත් ඇති බව ඇයට අවබෝධ කරගන්නට වැඩි වේලාවක් ගොස් නැත. මේ අවස්ථාවේදී තමා හඳුනාගත් නිසා කලබලයට පත් බාස් වහාම කුස්සිය වෙත දිව ගොස් පිහි දෙකක් සොයාගෙන ඇය වෙත ඒවා අමෝරාගෙන පැන ඇත්තේ ඇය මරා දමා සාක්ෂිය සඟවන අදහසිනි. ඔහු ඇගේ ගෙළට අනින ලද පිහි පහර නිසා ඇය එතැනම මියගොස් තිබුණා. තමා ඒ අවස්ථාවේ කලබලයට පත්වී සොරකම බාගෙට කරගෙන ආ බවත් තමාට සොරකම් කරන්නට හැකිවූයේ රුපියල් 1200 ක් සහ මෙල් මෙනෙවිය අත තිබුණ බ්ලැක්ඛෙරි වර්ගයේ ෆෝන් එක පමණක් බවත් සැකකරු පාපොච්චාරණය කර තිඛෙනවා.


මිනීමැරුම සිදුව ඇති බව නිවසේ අය දැනගත්තේ ඔවුන් පල්ලියේ සිට නිවසට පැමිණි පසුය. ලේ විලක් මැද කුස්සියේ වැටී සිටි මෙල් මෙනෙවිය දැක නිවැසියන් භීතියට පත්වූ අතර වහාම පොලිසියට ඒ බව දන්වා සිටියා.


නිවස අසළ ආරක්ෂක කලාපයක් බවට පත්කළ පොලිසිය ඒ වෙත ඥාතීන්ට හැර වෙනත් කිසිවෙකුට එන්නට නොදී පරීක්ෂණ ඇරඹුවා. මේ සඳහා පොලිස් නිල සුනඛයින්ද යෙදවූ අතර සැකකටයුතු ඇඟිලි සලකුණු කිහිපයක්ම සොයාගන්නට ඔවුන් සමත් වුණා.


ළඟම නිවසක සිටි අසල්වැසියෙකු පොලිසියට කියා තිබුනේ කිසිවෙකු මහ හඬින් විලාප නගන ශබ්දයක්ද තමාට ඔය කියන වේලාවේ ඇසී තිබුණ නමුත් ඒ හඬ නැවතුණ පසු ඒ ගැන සොයාබලන්නට උනන්දු නොවූ බවය.


නිවස අසළ පිහිටි තවත් නිවාස වෙත ගොස් ඔවුනගේ සීසීටීවී කැමරා පද්ධති පිළිබඳවද සොයාබලන්නට පොලිසිය උනන්දු වුණා.


එක් නිවසක සවිකර තිබුණ කැමරා පද්ධතියේ වීඩියෝ පටය නරඹද්දී මෙල් මෙනෙවිය තනිව නිවසේ සිටි වේලාව පරීක්ෂා කිරීමේදී මෙම නිවස දෙසට පුද්ගලයෙකු යන අයුරු හා ඔහුම තවත් ටික වේලාවකින් නිවසින් පිටව යන අයුරු හඳුනාගන්නට හැකිවුණා.


වීඩියෝවේ සිටින පුද්ගලයා හඳුනනවාදැයි අසන්නට මෙල් මෙනෙවියගේ නිවැසියන් කැඳවූ පොලිසියට මේ පුද්ගලයාගේ හැඩරුව අනුව හෝඩුවාවක් ලැබුණා. ඔවුන් කියා තිබුනේ මේ අපේ පේන්ට් බාස්නේ..ලෙසිනි.
දොම්පෙ ප්‍රදේශයේ සිට පැමිණ කලක් තිස්සේ නිවස පින්තාරු කළ පේන්ට් බාස්ගේ ලිපිනය පොලිසියට ලැබුනේ ඒ අයුරිනි. ඊයේ රාත්‍රියේ අටට පමණ එම නිවස වැටළීමේ රහස් මෙහෙයුමක් දියත් කළ පොලිසියට සැකකරු පහසුවෙන් අල්ලාගන්නට හැකිවුණා. පොලිසිය එනවිට අධික ලෙස බීමත්ව සිටි සැකකරු පොලිසිය දැක බියට පත්වූ බවද වාර්තා වුණා. ඔහු අසළම මෙල් මෙනෙවියගේ බ්ලැක්ඛෙරි ෆෝන් එකද නිරුපද්‍රිතව තිබුණා.කෙසේ වෙතත් මිනීමැරුම සිදුකළ බව ඔහු පිළිගත්තත් ඔහුගෙන් ඇත්ත දැනගැනීම එකවරම අසීරු කටයුත්තක් වූයේ පැටලිලි සහගත කථාබහ නිසාය. නිවසින් රුපියල් 1200 ක් පමණක් සොරාගත් බවට ඔහු කරන ප්‍රකාශය මවාපෑමක් විය හැකි යයි පොලිසිය සැකකරනවා.

සැකකරු මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර සය දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. 


 
Top