ජවිපෙ නායකත්වයට අනුර කුමාර | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී ඊයේ සවස පැවැත්විණි.

එහිදී එහිදී මධ්‍යම කාරක සභාව විසින් පක්ෂයේ නායකයා ලෙස ඒකමතිකව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තෝරාගන තිබේ.

රනිල් වික්‍රමසිංහගේ දිනෙන් දින දියවී යන විපක්ෂයේ කාර්යභාරය රන්ජන් රාමනායකත් සමඟ පාර්ලිමෙන්තුව තුළ ඉටුකළේ අනුර කුමාර විසිනි.

කොළඹ නගර ශාලාව අසල පිහිටි මහා පරිමාණ සූදු පොළක් වැටලීමෙන් පසු

ඊට සම්බන්ධ වූ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 23 දෙනකු මාරු කර යැවු සිද්ධිය යටයමින් තිබියදී නැවතත් එම මාතෘකාව කතාබහට පැමිණියේ හුලා නැමැත්තෙක් පිළිබඳව අනුරකුමාර මංත්‍රීවරයා විසින් අගමැතිවරයාගෙන් කරුණු විමසූ නිසාය.

1965 දී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගෙන් පසු සෝමවංශ අමරසිංහට නායකත්වයට පත්වී වසර 24කට පසු පත්වූ තෙවන නායකයා අනුර කුමාර මංත්‍රීවරයාය.
 
Top