තමන්ට තාත්තා වගේ සින්දු කියන්න හැතියාවක් නැතත් අන් සියල්ල ඇතැයි බස්නාහිරි පළාත් සභාවට තරඟ වදින ඇමති කුමාර වෙල්ගමගේ පුත් සෙනාල් වෙල්ගම පවසයි.
මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මෙසේද පැවසීය.
‘උස මහත මුහුණුවර හරි. ඒත් වෙල්ගම ඇමතිතුමා වගේ සින්දු කියන්න මට විතරයි බැරි.
අද බොහෝ දෙනෙක්ට ප‍්‍රශ්නයක් කුමාර වෙල්ගමගෙ පුතා ඡන්දෙ ඉල්ලන එක.ඒත් තමන්ගේ පුතාලව දේශපාලනයට ගෙන ඒම මුලින්ම හදුන්වලා දුන්නේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මහතා, එතුමා ඩඞ්ලි සේනානායක මහතාව ගෙනාවා.බණ්ඩාරනායක මහතාගෙන් පසු මැතිණිය පුතා අනුර, දුව චන්ද්‍රිකා දේශපාලනයට ආවා.
ඒ වගේම අපේ ලොක්කා ඒ කිව්වේ ජනාධිපතිතුමා පුතාව දේශපාලනයට ගෙනාවා. හිටපු අගමැතිතුමා තමන්ගේ පුතාව ඡන්දයට ඉදිරිපත් කළා. ඉතින් දෙයියනේ කුමාර වෙල්ගමට විතරද තමන්ගේ පුතාව දේශාපලනයට ගේන්න හොද නැත්තේ’