ෆේස්බුක් වෙබ් අඩවියේ පළවී තිබූ ජායාරූපයක් සම්බන්ධයෙන් එම පාසලේ අධ්‍යාපනය හැදෑරු වෙනුෂා බණ්ඩාර නම් සිසුවියට "වේසි" යනුවෙන් ආමන්ත්‍රණය කොට එම පාසලේ විදුහල්පතිවරයා වන සමන් ඉන්ද්‍රරතන බැන වැදීම එම සිසුවිය සිය දිවි නසාගැනීම දක්වා දුරදිග ගියේය.
සිදුවීම එතනින් නිමා නොවිය. වෙනුශාගේ මරණය විකුණා කෑමට ඇතැම් පාර්ශව ඉතා නින්දිත ලෙස කටයුතු කර තිබුණි. එම සිදුවීමෙන් පසු පාසල දෙකොටසකට බෙදුණු අතර ඉන් එක් පාර්ශවයක් වෙනුශාගේ පැත්තද අනෙක් පාර්ශවය විදුහල්පතිවරයාගේ පැත්තද ගෙන කටයුතු කළේය.
ඒ අනුව පිරිසක් විදුහල්පතිවරයාට විරුද්ධව උද්ඝෝෂණ කරන අතරතුරේ තවත් පිරිසක් විදුහල්පතිවරයා පාසැලට අවශ්‍යය බව කියමින්
උද්ඝෝෂණ කරන්නට විය. ඒ අතරතුරේ එම පාර්ෂව දෙකෙන්ම ෆේස්බුක් පිටු වෙනුෂා නමින් ආරම්භ කල අතර මිය ගිය දැරියටද සැනසීමක් ලබා නොදී ඇයගේ ජායාරූපය සහිත ෆේස්බුක් පිටු රෑ දහවල් පුරා වෙහෙසුනේ වෙනුශාගේ වැරැද්ද ඉස්මතු කිරීමට හෝ විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචන කිරීමටය.
කෙසේ නමුත් මේ දෙපාර්ශවයේ ක්‍රියා පිළිවෙතින් අවසානයේ සිදුවුයේ පාසලේ කීර්ති නාමයට හානි වීමය. වෙනුෂා විසින් මිය යාමට පෙර තමාගේ සිත් තැවුලට හේතුව විදුහලොපතිවරයා බැන වැදීම බව පැහැදිලිව කියා ඇති හෙයින් එය සුළුවෙන් බැහැර කල නොහැකි බවත් යමෙකුගේ මරණාසන්න ප්‍රකාශයක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කළහැකි බව නීතිවේදීන් පෙන්වා දෙයි.
එම විදුහල්පතිවරයාට එරෙහිව මෙයට පෙරද පැමිණිලි ලැබී ඇතිඅතර ඒවා මෙයට පෙර විමර්ශනයට ලක්කොට නැත. වෙනුශාගේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකල වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත කියා සිටියේ "පසුගිය දිනක කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂා සිසුවිය දිවි නසාගත්තා. විදුහල්පතිතුමා බැන්න කියලා දිවිනසා ගන්නා තත්ත්වයට ඒ දරුවා වැටුණා නම් ඒ පිළිබඳව සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ඇගේ අම්මයි තාත්තයි.” යනුවෙනි.
සිය දියණියට "වේසි" යනුවෙන් ආමන්ත්‍රණය කල හෙයින් ඇගේ පියාවන අරුණසිරි මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ඇගේ කන්‍යාභාවය ගැන වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත.
ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් මෙහෙයවූ පරීක්ෂණයකින් අනතුරුව ඒ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා සමන් ඉන්ද්‍රරතන විදුහල්පතිවරයා අද සවස පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
වෙනුෂා බැනුම් ඇසීමට හේතුවූ ජායාරූපය වෙනුශාව ටැග් කොට ෆේස්බුක් වෙත එක්කොට තිබුනේ ඇගේ පෙර පෙම්වතා වූ විරාජ් නලින්ද නම් තරුණයෙකි. ඔහු එක් කල ජායාරූපය පහත වේ.