දහසක් දෙනා බලා සිටියදී මරා සිංහයන්ට කන්න දැමූ මාරියස් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඩෙන්මාර්කයේ අගනුවර වූ කෝපන්හේගන් නුවර පිහිටි සත්වෝද‍යානයේ ජිරාෆ් ගහනය වැඩිවෙමින් තිබූ නිසා බලධාරීන් තීරණය කර තිබුණේ ජිරාෆ්ලා මරා දමා අනෙකුත් සතුන්ට කෑමට දීමටයි.

ඒ අනුව අද දිනයේ මැරීමට නියමිතව තිබුණේ වයස අවුරුදු එකහමාරක් වූ Marius නම් ජිරාෆ්ය.

මෙම සත්ත්වයා සතුව අඩු කුලයේ ජාන තිබීම නිසා ජීවත් වුවහොත් අඩු කුලයේ ජිරාෆ්ලා වර්ධනය වේවි යැයි

සත්වෝද්‍යාන බලධාරීන් තුළ සැකයක් තිබුණා.

එම තීරණය නිසා මෙම සත්ත්වයා බේරාගැනීමට අද දිනයේ කිසිවෙකුට හැකි වුනේ නෑ.

Marius බේරාගැනීමට ලොව පුරා සතුවන් වෙනුවෙන් පෙනී සිටින සංගම් රාශියක් ඊයේ උත්සාහ කර තිබූ අතර තවත් රටවල් විසින් ඉල්ලා තිබුනේ මෙම සතාව මරා නොදමා තම රටවල් වලට ලබා දෙන ලෙසයි.

කෙසේ වුවවද එම එක් ඉල්ලිමකට වත් ඇහුන් කම් නොදුන් බලධාරීන්
Marius ව මරාදමා මස් කැබලි කර අනෙකුත් සතුන්ගේ කෑමට දුන්නේ දෙනෝදාහක් ඉදිරියේදීය. බලාසිටියවුන් Marius මරාදමනා අයුරු ජායාරූප ගෙන හා වීඩියෝගතකර තිබුණත් මෙම අහිංසක සත්ත්වයා බේරාගැබීමට කිසිවෙකුට හැකිවූයේ නැහැ.

Marius ගේ ජායාරූප හා මස් කරනා වීඩියෝවක් පහතින්. 










 
Top