මට නොමිනේෂන් දෙනවට සමහර ඇමතිලා විරුද්ද වුණා – ජින්ජර් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන්ට නාම යෝජනා ලබා දෙනවාට ඇතැම් ඇමතිවරුන් විරුද්ධ වූ බව ගායිකා ජූඩිත් ජින්ජර් වයිට් කියයි.

එය තම සාර්ථකත්වයේ ආරම්භයක් යයිද කී ඇය මෙසේද කීවාය.

‘සමහර ඇමතිවරු කැමති වුණේ නැහැ. මට නාමයෝජනා ලැබෙනවට. ඒ නිසා ඔවුන් මගේ ගමන නවත්වන්න වැඩ කළා.ඒත් අසාර්ථකවීම් කියන්නේ සාර්ථකවීමේ ආරම්භයක්. මට මේ හරහා විශාලා ප‍්‍රසිද්ධියක් ලැබුණා.

නාමයෝජනා ලැබීම මගේ පරාජයක් ලෙස මම සලකන්නේ නෑ.

මැතිවරණ දිනය වෙනතුරු මම මගේ පක්ෂයට උපරිම සහයෝගය දෙනවා. පක්ෂයට උදව් කිරීම මගේ සතුටක්. මට කියන්න තියෙන්නේ

මට ඡන්දය දෙන්නට ජනතාවට තිබුණු අවස්ථාවක් ගිලිහුණා කියලයි. ජනතාවට සේවය කරන්නට මට තිබුණ අවස්ථාව නැතිවුණා කියන්නේ ජනතාවට යමක් අහිමි වුණා කියන එකයි.

මම ඉන්නේ මිනිස්සු එක්ක. ඔය තිරය ඉස්සරහට ඇවිල්ලා නොපෙනී යන නිළියෝ වගේ නෙවෙයි මාව කවදාවත් ජනතාවට අමතක වෙන්නේ නෑ. නිළියන්ගෙ තියන කළු පැල්ලම් අනුවත් මා ගැන මිනිස්සු හිතන්න ඇති. ඒ කොහොම වෙතත් තවත් මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණොත් මම ඉදිරිපත් වෙනවා. හැබැයි මම කවදාවත් පක්ෂ මාරු කරන්නේ නෑ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මට කරන්නට හැකි හැමදේම කරනවා’
 
Top