බියර් 2යි සිගරට් පැකට් එකයි ගත්ත දොස්තරට හතලිස් පන්දහසක බිලක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

බියර් බෝතල් දෙකක් දුම්වැටි පැකට්ටුවක් මත්පැන් ඩ්‍රෑම්ස් 200 ක් මිලදී ගත් තමන් හට අනුරාධපුර කඩ 50 පිහිටි හෝටලයකින් රුපියල් 45000/- ක බිලක් නිකුත් කිරීම නිසා තමන්ට එම බිල ගෙවීමට සිදු වූ බව දන්වමින් සාධාරණ පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි වෛද්‍ය වරුණ කරුණාරත්න මහතා උතුරුමැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් වරයාට ලිඛිත හා වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තමන් පෙබරවාරි මස 09 වන දා අවමගුල් උත්සවයකට සහභාගි වී නිවසට යටමින් සිටියදී තම මිතුරෙකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකු සමග බීර බෝතලයක් පානය කිරීම සදහා එම හෝටලයට ගිය බවත් ,

එහි ගොස් බිර බෝතල් 02 ක් සහ දුම්වැටි පැකැට්ටුවක් තබා ගෙන බීර පානය කරමින් සිටියදී, අඩ නිරුවතින් සිටි කාන්තාවන් දෙදෙනෙකු තමන් අසලට පැමිණ මත්පැන් ලබාදෙන ලෙස ඉල්ලු බවද ඔහු පැමිණිල්ලේ සදහන් කර ඇත.

පසුව තමන් විසින් මත්පැන් ඇනවුම් කළ බවද පැමිණිල්ලේ සදහන් කර ඇත. අනතුරුව හෝටලයේ සෙවකයෙකු විසින් රුපියල් 45000/-ක බිල්පතක් ගෙනවිත් දුන් බවත්, පැමිණිල්ලේ සදහන් කර ඇත. එවැනි මුදලක් ගණනය වූයේ කෙසේ දැයි හෝටල් කළමනාකරු ගෙන්වා විමසූවත් ඊට නිසි පිළිතුරක් ලබා නොදුන් කළමනාකාරවරයා අදාල බිල ගෙවන ලෙස තමන්ට දැන්වූ බවත් බිල නොගෙවා හෝටලයෙන් පිටතට පැමිණිමට නොහැකි නිසා තම මිත්‍රයා වන බැංකු කළමනාකරු රුපියල් 45000/- ක බිල ගෙවා දැමූ බව අදාල පැමිණිල්ලේ සදහන් කර ඇත.

රාත්‍රි 10න් පසුව හෝටල්වල මත්පැන් අලවි කිරීමට හැකියාවක් නොමැති අතර තමන් බියර් ලබාගත්තේ අළුයම 1.00 ට පමණ බවද අදාල පැමිණිල්ලේ සදහන්ය. මෙම හෝටලය තුල හුදෙක් සිදුවන්නේ පිටපළාත් වලින් කාන්තාවන් රැගෙනවිත් ඔවුන් අඩ නිරුවතින් යොදවා පිටස්තරින් ආයතනයට පැමිණෙන ගණුදෙනුකරුවන්ගේ මුදල් සංවිධානාත්මකව කොල්ලකෑම බව අදාල පැමිණිල්ලේ තවදුරටත් සදහන්ය.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
 
Top