ටී. බී ගේ ලප සාස්තර ආතල් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ටෙලි නිර්මාණවේදීන් ගේ සංසදය විසින් සංවිධානය කල සුහද හමුවකට සහභාගී වූ සංස්කෘතික ඇමති ටී. බී ඒකනායක නිළියකගේ ඇඟ බලා සාස්තර කීමට ගොස් අමාරුවේ වැටී ඇතැයි වාර්තාවේ.

පසුගියදා පැවති මෙම හමුවට සහභාගී වූ ඇමතිවරයා නළු නිළියන් අධ්‍යක්ෂකවරුන් සමග සතුටු සාමිචියේ දී සිට ඇත. ඒ අනුව ප්‍රියා රණසිංහටද, අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂවරයාට, ප්‍රියන්ති පීරිස් නිෂ්පාදිකාවටද ඇමතිවරයා විසින් සාස්තර කියා ඇත.

ඉන් අනතුරුව තරුණ නිළියකගේ අඟ පසඟ සොයා බලමින් සාස්තර කීමට යාමේදී එම නිළියගෙන් එයට විරෝධය පලවී ඇත. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන ටෙලි නිර්මාණවේදීන් ගේ සංසදය විසින් ප්‍රකාශ කොට ඇත්තේ

ඇමතිවරයා සාස්තර කී නමුත් නිළියකට ලිංගික අඩන්තේට්ටමක් සිදු නොකළ බවය.

පසුගියදා මව්බිම පුවත්පතේ "ආතල් ගන්න හැටි" විශේශාන්ගයට එක්වූ ටී.බී ඒකනායක ලප සාස්තර ගැන කිවේ මෙවන් අදහසකි.

මොකක්ද ඇමැතිතුමා එතකොට මේ පැතිරෙන ලප සාත්තර කතාව. මේවා ඇහෙද්දි ආතල් කැඩෙන්නෙ නැද්ද?
මට ඒ සංවිධානයේ අයම කතා කළා. ටෙලිනිස සභාපති, ලේකම් මට කතා කළා. එයාලා මේ මඩ ප්‍රචාරය ගැන නිවැරැදි කිරීමක් කරනවා. එයාලා කියනවා ඔය අවස්ථාවේ මම එවැනි දෙයක් කළේ නැහැ කියලා. ඔවුන් කියනවා මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා කියලා.

ඒ වගේම ටෙලිනිස කියනවා මම එයාලට විශාල වශයෙන් උදව් කරන ඇමැතිවරයෙක් කියලත්. ඔවුන් මෙය සම්බන්ධව සංවිධානාත්මකව ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා.

ලේ පිරිසුදු කරගන්න කියලා වෙන වෙන ආතලුත් ගන්නවද?
ලේ පිරිසුදු කරගන්නවා කියන්නේ දවස පුරා රත්වෙලා තියෙන ලේ පිරිසුදු කරගන්න එක. එහෙම වෙන්න නම් හිත පිරිසුදු වෙන්න ඕනෑ. එහෙම වෙන්න නම් එක්කෝ ඇහැට ප්‍රිය දසුනක් දකින්න ඕනෑ. එහෙමත් නැත්නම් කනට මිහිරි ගීතයක් අහන්න ඕනෑ. ඒ තමයි මගෙ ආතල් එක. මම ආතල් කියලා බෝතල් ගොඩාක් ළංකරගන්නේ නැහැ. මම ගන්නේ බුද්ධිමත් ආතල්.


 
Top