මිල්ලනිය යාලගල ප්‍රදේශයම කම්පා කරවමින් ඉකුත් 10 වැනිදා අඹ ගසකින් වැටී මියගිය තඹවිටගේ ධම්මික කුමාර නමැති 37 හැවිරිදි තිදරු පියාගේ නිසල දේහය තැන්පත් කර ඇති නිවසට අප ගොඩවැදුණේ ඔහුගේ පවුලේ කතාන්දරය සැබවින්ම ශෝකාන්තයක් බවට පත්වී ඇති බැවිනි.
කුලියට ගස් කැපීම සිය ජීවන වෘත්තිය කරගත් ධම්මික කුමාර, එම ක්ෂෙත්රයේ හසල දැනුමක් හා පළපුරුද්දක් ඇති අයෙකු ලෙස ප්‍රදේශවාසීන් අතර ප්රකටය. එහෙත් තම දරු පවුලත්. තමාත් ජීවත්කරවූ අවසන් ජීවන වෘත්තියම තමාගේ ගමනාන්තය වේයෑයි ඔහු කිසිදා නොසිතන්නට ඇත.
යාලගල ගම්මානයේම ගෙවත්තක අඹගසක් උඩ අතු කපමින් සිටියදී කැපු අත්තක් කුමාරගේ හිසේ පිටුපස වැදී ගස මුදුණේදීම මරණයට පත්ව
ඉන් අනතුරුව ඔහුගේ සිරුර කළුගල් තලාවක් මතට වැටී ඔහුගේ සිරුරේ ඉල ඇට කිහිපයක්ද බිඳීගොස් ඇතැයි හොරණ රෝහලේදී පැවැත්වූ මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත.
මහත්තයෝ, ඔය කුමාරගේ ඔළුවෙන් තියෙන කෙස්ගස්වලට වඩා ගස් ප්‍රමාණයක් ඔය මනුස්සයා කපල බිම දාලා ඇති අපිටම පුදුමයි එයාට මේ වගේ දෙයක් වුණා කීවාම."
අසල්වැසි නිවසක වයස්ගත කාන්තාවක් මගේ කනට කොඳුරා පැවසුවාය.
කුමාර - අනුලා යුවළට දරුවන් තිදෙනෙකි. තිදෙනාම මිල්ලනිය ශ්‍රී දේවරක්ෂිත මහ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. සුරංජිත් සම්පත් (අවු. 14) 10 ශ්‍රේණියේද ලක්මිණි රුචිකා කුමාරි (අවු. 13) 9 ශ්‍රේණියේද, සසිඳු නෙත්සර (අවු. 10) 4 ශ්‍රේණියේද ඉගෙනුම ලබයි.
මෙම දරුවන් තිදෙනාගේද අවිනිශ්චිත අනාගතය හමුවේ අනුලා, කරකියාගත හැකි දෙයක් සිතා ගැනීමට පවා නොහැකිව හිස් අහස්කුස දෙස බලාසිටී. කාලයා විසින් ඇය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙතැයි ඇය කෙසේ නම් විශ්වාස කරන්නද?
තමන් දැඩිසේ ආලය කළ අනුලාවන්ට මහමෙරක්වන් ගැටලු ගොන්නක් කරපින්නා තබා ධම්මික කුමාර මාවත්ගම පොදු සුසාන භූමියේදී මෙලොවින් සමුගත්හ.
Home
»
»Unlabelled
» මායි දරු තුන්දෙනායි ආපහු මුක්කු උඩට වැටුණා බිරිඳ හැඬූ කඳුළින් කියයි