ව්‍යාජ වීසා බලපත් සකසමින් ඇමරිකාවට ගෙන්වාගත් ගෘහ සේවිකාවකට ඇමරිකානු අවම වැටුප ගෙවන බවට පොරොන්දු වෙමින් ඊට වඩා අඩු වැටුපක් ගෙවූ බවට චෝදනා කරමින් ඇමරිකානු මාෂල් බලකාය විසින් පසුගිය දෙසැම්බර් 12වන දින අත්අඩංගුවට ගත් ඉන්දියානු තානාපති නිලධාරිනියක වූ දේව්යානි කෝබ්රාගාදේ නිරුවත් කර පරීක්ෂා කරන වීඩියෝව බව කියන වීඩියෝවක් පාකිස්තාන වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාලයට මුදා හැර තිබේ.
39 වියැති ඇය නිව්යෝක් නගරයේ ඉන්දීය කොන්සල් කාර්යාල නිලධාරිනියක් ලෙස සේවය කළ අතර
සිදුවීමෙන් පසු ඇතිවූ මතභේදාත්මක තත්වය මසකට ආසන්න කාලයක් ගතවන තුරුත් නොවිසඳී පැවතීම තුළ ඇමරිකා-ඉන්දීය සබඳතා දිගු කාලීන පලූදු වීමකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.
තානාපති නිලධාරිනිය යයි කියන කාන්තාවගේ සියළුම ඇඳුම් ඉවත් කර පිරිමි නිලධාරීන්ද සහිතව පරීක්ෂා කරන අයුරු වීඩියෝවේ දැක්වේ.