ශේෂාද්‍රි සැමියා ගැන කියන කතා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පසුගියදා යුගදිවියට එළඹුණු රංගන ශිල්පිනි ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ අත ගත්තේ සම්පත් ද සිල්වා නැමැති තරුණයායි. සම්පත් වගේම ශේෂාද්‍රිත් ඔවුනොවුන් ගැන පැවසූ අදහස් පහතින් පළ වෙයි.

සම්පත් ඔබ ගැන විස්තර ටිකක් කිවුවොත්?
පවුලේ වැඩිමලා මම. තව මල්ලී කෙනෙක් ඉන්නවා. ඉගෙන ගත්තේ බීවර් සහ ලයිසියම් ජාත්‍යන්තර පාසැල් වලින්. ඕස්ට්‍රේලියානු ආයතනයක සේවය කරන මගේ වයස අවුරුදු 25යි.

සම්පත් ඔබට ජීවිතය දැනෙන්නේ කොහොමද?
සරලව ජීවත්වීම හොඳ බව මගේ හැඟීමයි.


ඔබ කලා පවුලකින් එන කෙනෙක්. ඇයි රඟපෑමට එක් නොවුණේ?
කලා කටයුතුවල අභාෂය තිබුණාට, රඟපෑමට කැමති නැහැ.


ශේෂාද්‍රිගේ හමුව කොහොමද සිදුවුණේ?
අපේ පවුල් දෙක කලා පවුල් දෙකක්. විශේෂයෙන්ම ශේෂාද්‍රිගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් සහ මගේ තාත්තා රන්ජන් ද සිල්වා ටෙලි හා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ලෙස ජනපි්‍රයයි. මේ තාත්තලාගේ කලාවේ මිත්‍රත්වය වසර තිහක් පුරා තිඛෙන දෙයක්. නමුත් ශේෂාද්‍රි දැන හැඳින ගෙන මම වසර එකහමාරක් විතර ඇති. මුලින්ම මම ශේෂාද්‍රිව දැක්කේ සුදර්ශියේදීයි. පසුව පද්මසිරි කොඩිකාර අංකල් මාර්ගයෙන් මේ යෝජනාව යොමුකළා.

ඇයි ඔබට ශේෂාද්‍රිට හිත ගියේ?

රූපයට වඩා එයාගේ ගතිගුණවලට මම ආසයි. රූපය ඇත්තටම බෝනස් එකක්. එත් ඊට වඩා ඇය වටින්නේ සරලව හිතන රැල්ලට නොයන කෙනෙක් නිසයි.

රඟපෑමට අකමැති වුණාට ඔබ මියුසික් වීඩියෝ කලාවට සම්බන්ධයි නේද?
ඔව්. මියුසික් වීඩියෝ කරලා තියෙනවා. මගේම නිෂ්පාදන යටතේ ‘‘භාතිය - සන්තුෂ්’’ට කළ ‘‘පායා එන සඳේ’’ ගොඩක් ජනප්‍රිය වුණා. ඊට අමතරව ෂනුක පෙරේරාටත් මියුසික් වීඩියෝ එකක් කළා. ‘‘පායා එන සඳ’’ ලංකාවේ ප්‍රථම වතාවට කළ කළුසුදු මියුසික් වීඩියෝ එකයි.

ශේෂාදි දිගටම රඟපානවට කැමතිද?
එයා රැුල්ලට යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අකමැත්තක් නැහැ.

ශේෂාද්‍රි මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ කැමතිම චරිතය මොකක්ද?
තිරගත වීමට නියමිත ‘‘සූම්’’ චිත්‍රපටයේ චරිතයට කැමතියි.

ඇත්තම කියන්න ශේෂාද්‍රි ඔබ දකින හොඳම ගුණාංගය මොකක්ද?
අවංකකම, විශ්වාසය, ඇත්ත කීම, මට තරහා යන දේ වුණත් එයා නොසඟවා ඇත්ත කියනවා. ඒකට මම ගොඩක් ආසයි.

සම්පත් ඔබ ශේෂාද්‍රිට කියන්නේ සුදු නෝනා කියලලූ නේද?
ඒක අපේ තාත්තා දාපු නම. ඉතිං දැන් මම විතරක් නොවෙයි, අපේ පවුලේ ඔක්කොම එයාට කියන්නේ සුදුනෝනා කියලයි.

ශේෂාද්‍රි ඔබ සම්පත්ට කතාකරන්නේ කොහොමද?
සම්පත් කියලා.

ඔබට ලැබුණු මේ ‘‘සම්පත’’ ගැන හිතෙන්නේ කොහොමද?
ඕනෑම ගැහැණු ළමයකුට වගේ මාත් කවදාහරි කසාද බඳින කෙනා ගැන මේ වගේ දේවල් තිබිය යුතුය කියන අදහස් හිතේ තිබුණා. සම්පත් එක්ක කතා කරද්දී ඒ සියල්ල තිඛෙන බව වැටහුණා. හොඳ පවුල් පසුබිමක් තියෙන, ගතිගුණ හොඳ චරිතයක්.

විවාහයෙන් පසු රඟපෑම ගැන හිතන්නේ කොහොමද?
දැන් වුණත් මම තෝරා බේරාගෙන රඟපාන්නේ. ඉතින් ඉදිරියටත් එහෙමම වේවි.

මෙතැන් සිට ඔබ බිරිඳක්. මෙතැන් සිට ඔබ කොහොම විය යුතුයි කියලද හිතෙන්නේ?
ඒක ටිකක් ලොකු බරක් වගේ තමයි. වගකීම් වැඩියි තමයි. ඒ වගකීම් ගත යුතු බවත් ඇත්ත. ඒත් ජීවිතය සරලව නිදහස්ව ගෙවිය යුතුයි.

ඉක්මන් විවාහයක් ගැන හිතුවේ ඇයි?
මෙය පවුල් දෙකේ යෝජිත විවාහයක්නේ. කොහොමටත් වයස 24 ට පෙර විවාහ විය යුතුයි කියලා මම හිතනවා. දැන් මගේ වයස අවුරුදු 22යි.

සම්පත්ගෙ ඔබ දකින හොඳම ගුණාංගය මොකක්ද?
ආරක්ෂාව, මා ගැන සොයා බැලීම, යුතුකම් සියල්ල වගේම නිතරම මාව සතුටින් තබන්න උත්සාහ ගන්න එක. ජීවිතේ නිතරම සතුටින් ගත කිරීමට මම ආසයි. සම්පත් හොඳ සැමියෙක්.
 
Top