යාගහෝමයකදී අමෙරිකානු මවක් සිය දරුවන් දෙදෙනා බිල්ලට ගනී | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ මවක් ඊයේ සිය දරුවන් දෙදෙනා පිහියෙන් ඇන ඝාතනය කර තව ත් ළමුන් දෙදෙනෙකුට තුවාල සිදු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යාගහෝමයක් සිදු කරමින් සිටියදී අදාළ මව විසින් මෙම ඝාතන සිදු කරනු ලැබ ඇති බව ය.
ඝාතනයට ලක් වූ අදාළ කාන්තාවගේ ළමුන් දෙදෙනාගෙන්

පිරිමි දරුවා වයස අවුරුදු 1 පසු වී ඇති අතර ගැහැනු දරුවාගේ වයස අවුරුදු දෙකකි.

පිහි ඇනුමෙන් තුවාල ලැබූ අනෙක් දරුවන් දෙදෙනා 5 වැනි සහ 8 වැනි වියේ පසු වී ඇත.

මෙම අපරාධයට සම්බන්ධ සකියා එල්. ඒව්රි නම් 28 හැවිරිදි අදාළ කාන්තාවට ඝාතන දෙකකට චෝදනා එල්ල වී ඇති අතර ඊට අමතරව ඝාතනයන්ට උත්සාහ කිරීම යටතේ ද තව ත් චෝදනා දෙකක් එල්ල වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු කාන්තාවට ද ඝාතනයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

පවුලේ ඥාතියෙකු නොවන එම කාන්තාව අදාළ නිවසේ ම පදිංචිව සිට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අදාළ නිවසේ සැකකටයුතු ක්‍රියාවක් සිදු වන බවට අසල්වැසි නිවසකින් ලද දුරකථන පණිවුඩයකට අනුව පොලිසීය එහි සිටි ළමුන් 4 දෙනෙකු සොයා ගෙන තිබේ.

දොරක් විවෘත වූ මෝටර් රථයක් ඇති බව ත් ඒ අසල පිහියක් දක්නට ලැබුණු බවට ත් එම අසල්වැසියා පොලීසියට දන්වා ඇත.

යාගහෝම නපුරුකම් අරමුණු කර ගත් ආත්මයන් පරාජය කිරීමට සහ යක්ෂයින් පරාජය කිරීම සඳහා යොදා ගන්නා චාරිත්‍ර විධියකි.

කෙසේ වෙතත් මෙය යාගාහෝමයක් සිදු කිරීමට ගොස් සිදු වූ දෙයක් ලෙස සැලකීමට හේතු වූ අතිරේක කරුණු මොනවා දයන්න පිළිබඳව බලධාරීන් තොරතුරු අනාවරණය කර නොමැත.

පොලීසිය පවසන්නේ, එම ස්ථානයේ යාගහෝමයක් පැවති බවට විශ්වාස කළ හැකි විත්තිකරුවන් දෙදෙනෙකුගෙන් කරුණු අනාවරණය වී ඇති බව ය.





 
Top