අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ප්‍රධානම අභියෝගය බොදු බල සේනාවේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමි බව ගාලු දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17 ) පෙරවරුවේ වී එෆ්.එම්. නාලිකාවේ “සිද්ධමුල්ල” වැඩසටහනට එක් වූ මන්ත්‍රීවරයා බොදු බල සේනාවේ මහා ලේකම් හිමියන්ට එරෙහිව කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් දුරකතනයෙන් සම්බන්ද වූ බොදු බල සේනා ජාතික මුලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සමග ඇති වූ විවාදාත්මක දෙබසේදීය.
එයට පිළිතුරු දුන් විතානගේ මහතා ඔබලා එසේ සිතීමෙන් පවා පෙනී යන්නේ
බොදු බල සේනාවේ ජනප්‍රියත්වය හා ශක්තිය ඉතා ඉහල බව ඔබලා විසින්ම පිළිගැනීම යැයිද කීය.
එසේම ලංකාවේ කිසිදු සංවිධානයකට ලබා ගත නොහැකි වූ ජනප්‍රිය බවක් හා ජනතා සහභාගීත්වයක් වසර 2 කට අඩු කලකදී ලබා ගැනීමට හැකි වීම ගැන අතිශය සතුටු වන බවද දිලන්ත මහතා සදහන් කළේය.
මේ පිලිබඳ විතානගේ මහතා ගෙන් කල විමසීමකදී ප්‍රකාශ කලේ ජනාධිපති තුමාට ඇති ලොකුම අභියෝගය බොදු බල සේනාවේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමි බව බොදු බල සේනා කිසිදු විටක ප්‍රකාශ නොකළ බවත් අප සංවිධානය දේශපාලන සංවිධානයක් නොවන බවත්ය.
එහෙත් එවැනි කතාවක් අද වී එෆ්.එම්. නාලිකාවේ වැඩ සටහනකදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා විසින් නම් ප්‍රකාශ කල බවය.
එහි ඇත්ත නැත්ත ජනාධිපතිතුමාගේ ගෝලයකු වන පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතාගෙන්ම විමසිය යුතු බවය.
කෙසේ වුවත් ජනතාවගේ පිං පඩි වලින් ජීවත්වන ජනතාව රවටා ජන්ද ගෙන ජනතාව රවටා ප්‍රදේශ පාලන කරන අජිත් වැනි දේශපාලුවන්ගේ කතා ගැන බොදු බල සේනා එතරම් සැලකිල්ලක් නොගන්නා බව ඔහු තවදුරටත් කීය.
බොදු බල සේනා කිසිදු විටක දේශපාලනයට ඒමට අපේකෂා නොකරන බවත්, හාමුදුරුවරුන් දේශපාලනය කිරීම ප්‍රවර්ධනය නොකරන බවත් ප්‍රකාශ කල විතානගේ මහතා එහෙත් පසුගිය වසර 66 තුල ජනතාව රැවටු, ජනතාව දුකට පැමිණවූ බවත් පැවසීය.
රටට ජාතියට හා ආගමට එරෙහිවූ පවතින දේශපාලනයට එරෙහිව ගමින් ගමට ගොස් පන්සලෙන් පන්සලට ගොස් ජනතාව දැනුවත් කොට ජනතාව සුවපත් වීමට මග කියාදෙමින් මේ රටේ තීරණාත්මක සමාජ ව්‍යාපාරය බවට පත් වීමටත්, එ තුල බොදු බල සේනාවේ ජීව වායුව මෙන් කටයතු කරන මහා ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමි නව ජාතික පුනරුද ව්‍යාපාරයකට නායකත්වය දෙන ජාතික නායකයකු ලෙස ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වීම වැළක්විය නොහැකි බවද ඔහු කීය.
“බුදු දහම සුරකින්න...ධර්මපාල පරපුරක්...අවදිවව්...දම්පල් දැක්මෙන් නැගිටිමු” තේමාව යටතේ “අවදිවව් ධර්ම යාත්‍රාව” ඉදිර වසර 2 තුල ලංකාවේ සෑම ගමකටම යමින් ගෙන යන වැඩසටහන තුලින් පුජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමි වැනි අභීත භික්ෂුන් වහන්සේලා දහස් ගණනින් බිහිවී බුදු දහම හා සිංහල ජාතිය ආරක්ෂා කොට මේ රට රැක ගැනීමේ වීර පරපුරක් නිර්මාණය වන විට අද පවතින ලජ්ජා සහගත දේශපාලුවන්ට රට හැර යාම හැර වෙන මගක් ඉතිරි නොවන බව ඉතා පැහැදිලි බව විතානගේ මහතා කීය.