නිට්ටඹුවේ සිට මාදුරු ඔය බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හා කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බසයක් පස්යාලේදී මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් 68 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබේ.
අද පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. ඡායාරූප පහතින්