EAP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල හා ජනප්‍රිය නිළියක් වන නදීෂා හේමමාලි පසුගිය 24 වනදා රාත්‍රී 10ට පමණ රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.
බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවී ඇති අතර නදීෂා හේමමාලි ද සිට ඇත්තේ බීමතිනි. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිට ඔවුන් නැවත එන අතරවාරයේ මෙම අනතුර සිදුවී ඇත.
රිය අනතුරෙන් නදීශා සුළු තුවාල ලබා ඇති අතර චතුර රදම්පොල හට තරමක තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. අනිත් රියේ සිටි පුද්ගලයින් නදීෂා හඳුනාගැනීමත් සමග
ඇය ආයාචනා කොට ඇත්තේ මෙම සිදුවීම මාධ්‍යයට හෙලි නොකරන ලෙසයි.
පසුව ඇය කැබ් රථයක නැගී එතනින් නික්ම ගොස් ඇති අතර ප්‍රතිකාර ගැනීම සදහා චතුර රදම්පොල නවලෝක රෝහලට ඇතුලු වී ඇත.
මෙය සැලවූ වහාම රත්‍රී 11ට පමන චතුරගේ ලඟම හිතවතෙකු වන පිටිදුවේ සිරිධම්ම හිමි රෝහලට පැමිණ ඇත. කෙසේ වෙතත් චතුරගේ තුවාල එතරම් බරපතල නොවූ හෙයින් ඔහු අද උදෑසන රෝහලෙන් පිටවගොස් ඇත.
මෙය මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා නදීෂා සහ චතුර ඇතුළු පිරිස මහත් වෙහෙසක් ගනිමින් සිටින බව අප වෙත වාර්තා වේ.
චතුර රදම්පොලගේ ජයාරූප පෙළක් පහතින් වේ