මහේල-සංගා සිරසේ ‘ඔබද ලක්ෂපති මමද ලක්ෂපති’ හිදී නොදැවී සිටී [Video] | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සිරස රූපවාහිනි නාලිකාවේ ‘ඔබද ලක්ෂපති මමද ලක්‍ෂපති’ වැඩසටහනට සහභාගී වී නියමිත තරග කාලවේලාව ඉකුත් වන තුරුත් නොදැවී තරගයේ රැදී සිටීමට සමත්ව තිබෙනවා.

මෙම වැඩසටහන වෙනුවෙන් තරග වට 3 ක් පැවැත්වීමට අපේක්ෂිත අතර ඉකුත්දා නිමාවට පත් වූයේ එහි ප‍්‍රථම අදියරයි.

මෙම වැඩසටහනට මින් පෙරද ජනපි‍්‍රය ගායක ගායිකාවන් සුවිශේෂී ළමුන් වැනි ආරාධිත චරිත තරගකරුවන් වශයෙන් සහභාගී කරවාගැනීමට සිරස මාධ්‍යජාලය කටයුතු කළ අතර එවැනි චරිත සහභාගී වී ජයලබන මුදල කිසියම් සමාජ සේවා කටයුත්තක් සදහා බැර කිරීම සිදුවිය.

මහේල හා සංගා මෙම වැඩසටහනට සහභාගී වීම වෙනුවෙන් කිසිදු මුදලක් ලබා නොගැනීමද විශේෂත්වයකි.

එක රැයකින් විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයක් දිනාගත් මහේල හා කුමාර් සංගක්කාර තරගවදින වැඩසටහනෙහි ඉදිරි පියවර එළඹෙන 6වැනි සිකුරාදා පැවැත්වෙයි. 


 
Top