සුපිරි හොලිවුඩ් නළු Paul Walker මරුට ! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

Fast & Furious චිත්‍රපට මාලාවෙන් වඩාත් ජනප්‍රියත්වයට පත්වූ ඇමෙරිකානු නළු ‍පෝල් වෝකර් කැලිෆෝනියාහිදී මෝටර්රථ අනතුරකට ලක්ව මිය ගොස් ඇත.

40 වියේ පසුවූ වෝකර් මෙම අනතුරට ලක්වන විට මිතුරකුගේ මෝටර් රථයක ගමන් කරමින් සිටි බව ඔහුගේ ෆේස්බුක් වෙබ් අඩවියේ සඳහන්ය. Reach out Worldwide නම් වෝකර්ගේ සුබසාධන සංගමයේ උත්සවයක් සඳහා සහභාගිවීමට ඔහු සහ මිතුරා මෝටර් රථයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වීම මෙම අනතුරට හේතුව බව

කැලිෆෝනියා ෂෙරිෆ්වරයා සඳහන් කර තිබේ. එරට වේලාවෙන් සෙනසුරාදා සවස 3.30ට වෝකර් අනතුරට ලක්වන විට උත්සවය පැවැත්වෙන ස්ථානයට යාර කිහිපයක් පමණක් ඉතිරිව තිබි ඇත. එම ප්‍රදේශයේ ධාවන වේගය පැයට සැතපුම් 45ක් බව සඳහන්ය.

අනතුරත් සමග මෝටර් රථයට ගිනි ඇවිළී ඇති අතර වෝකර් හා මිත්‍රයා එතැනම මියගොස් ඇති බව වාර්තා විය.
වයස අවුරුදු දෙකේදී ‘පැම්පස්’ වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටි ‍පෝල් වෝකර් “Highway to Heaven” සහ “Touched by an Angel” රූපවාහිනී නාට්‍යවලට දායක විය.

පසුව සහායක චරිත රඟපාමින් රිදී තිරයට පැමිණි වෝකර් “The Fast and the Furious” චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. 









 
Top