ඇමති මහින්දානන්දට විරුද්ධව බිරිඳ පොලිසි යයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තම ජීවිතය තම සැමියා වන ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ නිසා අනතුරට පත්ව ඇති බවත්, තම ජීවිතයට යම් අනතුරක් වුවහොත් එය ඔහු නිසා සිදුවන්නක් බවත් පවසමින් තම ජීවිතය ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා ඇමතිවරයාගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරා මහත්මිය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබේ.

තමන් ඇමතිවරයාගෙන් දික්කසාදවීමට අධිකරණයේ නඩු පවරා ඇති බවත් පවසන ඇය

එහිදී අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇමතිවරයාගේ වත්කම් දේපොල තොරතුරු අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇත්තේ තමන් බව පවසමින් මෙලෙස මරණ තර්ජන කරන බව අදාල ලිපියේ දැක්වේ.

තමන් කිසි ලෙසකින්වත් අල්ලස් දුෂණ කොමිසමට පැමිණිලි නොකල බවද පවසන ඇය තම ආරක්‍ෂාව තකා එම චෝදනා විමර්ෂණය කරන ලෙසද පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.
 
Top