හෂිනි පෙම්වතියක් වීමේ පුවත ප්‍රතික්ෂේප කරයි! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නර්තන ශිල්පිනියක හා නිළියක වන හෂිනි ගෝනගල ව්‍යාපාරික තරුණයකු සමග ඇතිකරගත් පෙම් සම්බන්ධතාවයක් පිලිබඳ පුවතක් පසුගියදා අප පළ කළා. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය පසුගිය සති අන්තයේ පළවූ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා ඇත්තේ තමා සමග සිටින එම තරුණයා ඇයගේ පෙම්වතා නොවන බවත් ඔහු තමාට ඉතාම හිතවත් තරුණයෙක් පමණක් බවත් ඒ හේතුවෙන් සමීපව සිට ජයාරූප ගත්බවත් ඇය එම පුවත්පතට හෙළිකොට තිබුණා.

හෂිනි පිලිබඳ අදහසක් ලංකාවේ සිටින ප්‍රසිද්ධ කඩවසම් නළුවෙකුට තිබු බවත් , එම නළුවා ඒ කාලයේ

තමන්ගෙන් කැමැත්ත නොවිමසුවේ තමා දුෂ්‍යන්ත් සමග සම්බන්ධතාවයක් තිබු බවට පැතිර තිබු කට කතාවක් හේතුව නිසාවෙන් බවද ඇය එම පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.

නමුත් පසුගියදා එම කඩවසම් නළුවා හෂිනි හට සිය අදහස ප්‍රකාශ කර ඇතත් හෂිනි එය ප්‍රතික්ෂේපකොට තිබුනේ පසුගිය කාලයේ එම නළුවා රඟපෑ චිත්‍රපටයක නිළියක සමග පෙම් සම්බන්ධතාවයක් ඇතිබවට පළවූ පුවතක් හේතුවෙන් නිසා බව වාර්තා වේ. 








පෙර ලිපිය 

හෂිනි ගෝනගල දුෂ්‍යන්ත්ගෙන් වෙන් වෙයි

 
Top