ප්‍රංශෙදී දරුවා බිහි කළේ දරුවා ෆ්‍රෙන්ච් කරන්න -පබෝදා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පසුගියදා ජනප්‍රිය ටෙලි නිළි පබෝදා සංදීපනී තම කුළුඳුල් දරුවා ලබන්නට ප්‍රංශයට ගිය පුවත මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. මේක අද කාලේ ෆැෂන් එකක් බවත් පිටරටකදී දරුවා ලැබීම සමාජ අවධානය දිනාගන්නට දැන් කාගෙ කාගෙත් මෝස්තරයක්වී ඇති බව සමහරු කියා සිටියා.
ටෙලි නිළි පබෝදාගේ පියා සිටින්නේ ප්‍රංශයේය. ඔහු එහි සිටියදී පබෝදාගේ මව ගීතා කාන්ති සිටින්නේ ලංකාවේය.


දරුවා ලබන්නට ඇය ප්‍රංශයේ පියා ගාවට ගිය පසු දරුවා උපදින දවසට සැමියා සහ මව ප්‍රංශයට යන්නට වීසා ඉල්ලූවත් ලැබුනේ මවට පමණි. දරුවා අපේක්ෂිත දිනයට කලින් ලැබුණ නිසා මව එහි යනවිට දරුවා ලැබී හමාරය.


පබෝදාගේ මව දින කිහිපයකින් නැවත ලංකාවට පැමිණියත් පබෝදා දරුවා සමග මාස 4 ක් එහි ගත කොට ඉන්පසුවයි ලංකාවට ආවේ. දරුවාගේ පියාට ඒ වනතුරු දරුවාව පෙන්වා තිබුනේ ස්කයිප් වලින් හා ඊමේල් කළ ඡායාරූප වලින්ය.
පබෝදා පසුගියදා ලංකාවට ආ අවස්ථාවේ පුවත්පතකට කියා තිබුනේ තමා දරුවා ලබන්නට ප්‍රංශයට ගියේ විශේෂ කාරණාවකට බවයි.


ලංකාවෙ පහසුකම් මදි කියල හිතුණ නිසාද විදේශයක දරුවා ලබන්න තීරණය කළේ?
අනේ නැහැ ලංකාවෙ තියන පහසුකම් ගොඩක් හොඳයි

සාමාන්‍යයෙන් දරුවෙක් ලැඛෙන්න ඉන්න කොට ඉන්න ඕන අම්මා ගාව නේද?

ඔව් ඒක තමයි. මම ඒක පිළිගන්නවා. නමුත් අත්‍යවශ්‍යම හේතුවක් නිසයි මගේ තාත්ත ළගට යන්න තීරණය කළේ. ඒක එයාගෙ අනාගතයට හොඳ දෙයක්.

එහෙනම් ඇයි තාත්ත ළගට ගියේ?
තාත්ත එහේ පුරවැසියෙක්. මං බබාව එහේ බිහි කළාම බබාටත් එහේ පුරවැසිකම ගන්න පුළුවන්.ඒක එයාගෙ අනාගතයට හුගක් වටින දෙයක්. එයාට ප්‍රංශ පුරවැසිභාවය අරන්දෙන්න ඕන නිසයි මං එහේදී ප්‍රසූතිය කළේ.

දැන් ඒක ලැබුණාද?
ඔව්..දැන් එයා ෆ්‍රෙන්ච් සිටිසන් කෙනෙක්

ආයෙ විදේශගත වෙනවද?

අපෝ දැන්ම ආයෙ විදේශ ගතවෙන්න නම් කිසිම අදහසක් නෑ
 
Top