විවාහයේ දී මම හුඟක් පරිස්සම් වෙනවා. - අංජුලා රාජපක්ෂ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අංජුලා රාජපක්ෂ පුංචි තිරයේ ඉන්න හැඩකාර මෙන්ම කටකාර රුවැත්තියක්. පුංචි තිරයෙන් ඉඳහිට දකින ඇගේ තොරතුරු මෙවර සටහන් තබන්න අපි කල්පනා කළා. මේ ඇගේ තොරතුරුයි. මේ දිනවල නම් නම් ඇය රංගනයෙන් දායක වුණු සුදුයි උසයි ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ගොඩක් වෙලාවට අංජුලා චරිත තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන බවත් ලැඛෙන හැම චරිතයක්ම ඇය භාරනොගන්නා නිසාවෙන්ම මේ දිනවල ඇය නිතරම පුංචි තිරයෙන් දකින්න නොලැඛෙන බව අංජුලා පැවසුවා.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් ඇය දඟකාර, විසේකාර චරිතවලට පමණක් කොටු කර ඇති බවක් ඈ නොසිතයි. ඇය එක් රාමුවකට

අධ්‍යක්ෂවරුන් කොටු කරන්න උත්සහ කරත් තමන් එක් රාමුවකට පමණක් කොටු වෙලා වැඩ නොකරන බවත්, පුංචි තිරයට පෙනී හිටිය හැම චරිතයක්ම එකිනෙකට වෙනස් බවත් ඒ චරිත තුළ ද`ගකාර කටකාර කම මතු වුණත් චරිත වෙනස් ආරක් ගන්න නිසා එහෙම පැවසිය නොහැකි බවත් ඇගේ මතය වේ.

අංජුලාගේ පෙනුමත් සුපිරි පැලැන්තියක කෙනෙක් වගේනේ. ඉතින් ඇගේ මේ පෙනුමත් ඇයට ලැඛෙන චරිතයන්ට ඛෙහෙවින් බලපෑ බව ඈ පැවසුවා ය. හුඟක් චරිත මට ලැබුණේ ‍පොහොසත් යුවතියන්ගේ චරිත. නිතරම ඒ පෙනුමෙන් දකින කොට මාව ඒ වගේ චරිතවලට ගැළපෙනවා කියලා හිතනවා ඇති.

පුංචි තිරයෙන් දකින විසේකාර, දඟකාර මංජුලාට වඩා සැබෑ ජීවිතයේ අංජුලා සෑහෙන වෙනස් හරිම සරල ජීවිතයක් මම ගත කරන්නේ මම මේ ක්‍ෂේත්‍රයට ආවේ ටෙලි නාට්‍ය ඔස්සේ. ඒ නිසා වැඩිපුර රංගනයෙන් දායකවෙන්නේ ටෙලි නාට්‍යයවලට ඊට අමතරව චිත්‍රපට සඳහා ආරාධනා ලැඛෙනවා. හොඳ පිටපතක් ලැබුණොත්. මම යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත්. අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. ටෙලි නාට්‍යවලට විතරක් රඟපානවා කියලා හිතලා නැහැ.

රංගන ශිල්පිනියට ලැඛෙන ප්‍රතිචාරවලට වඩා හොඳ ප්‍රතිචාරයක් නිවේදිකාවක් විදියට මට ලැඛෙනවා. හුඟදෙනෙක් මම කරන වැඩසටහන් ගැන කතා කරනවා. ඒක ඇත්තටම මට සතුටක්.

රංගන ක්‍ෂේත්‍රයෙන් ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක තමයි මට නිවේදනයට ආරාධනා ලැබුණේ. වෘත්තීය වශයෙන් නිවේදිකාවක් නොවුණාට මම හිතනවා මට හොඳ හඬක් තියෙනවා කියලා. ඒ හඬට මිසක් මම හිතන්නේ නෑ අංජුලා කියන නමට එතැන දී මිනිස්සු ආදරය කරනවා කියලා.

ජනප්‍රිය හුඟදෙනෙක්ට වගේම අංජුලාටත් කටකතා හැදිලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල දී මානසික කඩාවැටීම මොනවගේද යන්න පිලිබදවත් අංජුලා මාධ්‍ය හමුවක් හා එක වූ අවස්ථාවක දී පවසා සිටියේ මෙලෙසිනි.

මට කටකතා හැදිලා නැහැ කියලා මම කියන්නේ නැහැ. මටත් කටකතා හැදිලා තියෙනවා. ඒක මේ ක්‍ෂේත්‍රයෙන් ලැඛෙන ජනප්‍රියත්වයත් එක්ක වෙන දෙයක්. සමහර කටකතාවලට කිසිම පදනමක් නැහැ..... මොකද ‍පොඩි සිද්ධියක් වුණත් ලොකු ප්‍රසිද්ධියක් විදිහට පැතිරෙනවා. ඒවා කටකතා මිසක් ඇත්තක් නොවන නිසා මම දුක් වෙන්නේ නෑ.......

දැන් මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක් විතර වෙනවා. එදාට වඩා අද ක්‍ෂේත්‍රයට එකතුවෙන පිරිස වැඩියි. විශේෂයෙන් කියන්න ඕනි අපට වඩා ගොඩක් දක්ෂයන් අද ක්‍ෂේත්‍රයට එකතු වෙනවා කියලා. ඒක ඇත්තටම ටෙලි නාට්‍ය කර්මාන්තය දියුණු වෙන්න පවතින්න හොඳ අවස්ථාවක් කියන්න පුළුවන්.

හැමදාම ජනප්‍රියත්වය රැදෙන්නේ නැහැ. ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. ඒ නිසා ඉදිරියේ දී ව්‍යාපාර ක්‍ෂේත්‍රයට යොමුවෙන්න අදහසක් තියෙනවා. ඒක තමයි මගේ ඊළඟ ඉලක්කය.

අංජුලා වගේ ලස්සන කෙනෙක්ට පෙම්වතෙක් නැහැ කිව්වොත් ඔබ පුදුම වේවි එහෙත් සැබවින්ම ඇය තවම තනිකඩයිලු.........

දැනට මගේ ජීවිතේ විශේෂ කෙනෙක් නැහැ..... තාමත් දෙමව්පියන් තමයි මම ගැන හොයලා බලන්නේ. අම්මා නම් මේ දවස්වල මට විවාහයට සුදුසු කෙනෙක් හොයනවා. ඒත් බලපෑම් කරන්නේ නැහැ...... හොඳ කෙනෙක් ලැබුණොත් මමත් ආදරය කරයි.

මම කැමැති මාව ආදරෙන් බලාගන්න, මාව තේරුම් අරන් ජීවත්වෙන කෙනෙක්ට. එයා ළ`ග හොඳ ගතිගුණ තියෙන්න ඕනි. තේරුම් ගැනීමේ හැකියාව නොතිබුණොත් පවුල් ආරවුල් වෙන්න පුළුවන්. ඒ වගේම විවාහය කියන්නේ දෙතුන් පාරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා විවාහයේ දී මම හු`ගක් පරිස්සම් වෙනවා.
 
Top