ජනාධිපතිවරණයෙන් දිනන්න සුදු කැස්බෑවෝ සොයලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මාලදිවයින් ජනාධිපතිවරණය පැවති සමයේ එහි සිටින දේශපාලනඥයෙක් ශාන්ති කර්මයක් සඳහා සුදු කැස්බැවෙක් සොයමින් සිටිබව අනාවරණය වේ.

එවැනි ඇලි කැස්බැවෙකුට ගුරුකම්කර මුහුදට දැමීමෙන් අපල දුරුවන බව එරට විශ්වාසයක් පවතින බව පැවසේ.

මෙම කාරණය හෙළිදරව් වුයේ, 'රෝසි' නැමති සුදු කැස්බෑවා අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකයට බඳුන් වූ ජනප්‍රිය ගායන ශිල්පී

අමල් පෙරේරා අද පස්වරුවේ කොළඹ නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකදීය.

මාලදිවයින් මැතිවරණ සමයේ එහි ජනාධිපති අපේක්ෂකයකුගේ අපලයක් දුරුකිරීම සඳහා තමාගේ මිතුරෙක් සුදු කැස්බැවෙක් සොයමින් සිටි බවත්, ඒ අනුව, පසුගිය ජුලි අගෝස්තු සමයේ තමා මෙම කැස්බැවා මිලදී ගැනීමට 3-4 වතාවක් ගිය බවත් පැවසු අමල් පෙරේරා, එම කැස්බැවා 200කට වැඩි පිරිසක් මිලදී ගැනීමට ඉල්ලා ඇති නමුත් තමුන් ඒ සතා නොවිකුණ බව එහි හිමිකරු අවධාරණය කල බවත් සඳහන් කළේය.

'' එහෙම 200ක් විතර ඒ කැස්බැවා මිලදී ගන්න ආව නම්, මම ගැන විතරක් සැකකරන්නේ ඇයි ? ඔහු විමසා සිටියේය.

මාලදිවයිනේ එවැනි ශාන්ති කර්ම කරන්නේ පුර පොහො දිනවල බව පැවසු අමල් පෙරේරා, පොහෝ දිනට පෙරදා රාත්‍රීයේ මෙම කැස්බැවා අතුරුදහන්වීම සැකකටයුතු බවත්, මාලදිවයිනේ දේශපාලකයාට ශාන්තිකර්ම කිරීමට වෙනත් අයකු මෙම කැස්බැවා පැහැරගෙන ගියාදැයි සැකයක් ඇති බවත් සඳහන් කළේය.

කෙසේවුවද, මෙම කැස්බැවා අතුරුදහන්වූ රාත්‍රීයේ තම ඇමති දුමින්ද දිසානායක සමග කාර් රේස් බලමින් සිටිබවද ඔහු වැඩිදුරටත් පැවසිය.

මේ අතර, කොස්ගොඩ සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද උදේ 7.30 ට පමණ කට උත්තරයක් දෙන්න සිය නීතිඥවරුන්ද සමග කොස්ගොඩ පොලිසිය වෙත පැමිණි ගායක අමල් පෙරේරා මහතා, එහි අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක සොයිසා මහතා ඉදිරියේ පැය දෙක හමාරක් පමණ සිය නිර්දෝෂිභාවය පිළිබඳ කටඋත්තරයක් ලබා දුන්නේය.

“මගේ මිත්‍රයෙක්ගේ අපලයකට ඔය කියන කැස්බෑවා චන්ද්‍රසිරි ආබ්‍රෙව් මහතාගෙන් ඉල්ලා සිටි බව ඇත්ත. ඔහු ‘බැහැ’ කිව්වා. ඊට අමතරව මෙම සිද්ධිය ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ” අමල් පෙරේරා කොස්ගොඩ පොලිස් මූලස්ථාන‍ය ඉදිරිපිට දී ජනමාධ්‍යවේදීන් හමුවේ අද (19) දහවල් පැවසුවේය.
 
Top