කොටට අඳින නිළියන් කියන කතා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ඇඳුම් කොටට ඇඳීම පිළිබඳව නිළියන් කිහිප දෙනෙක් පුවත්පතකට ඔවුන්ගේ අදහස් දක්වා තිබුණා.

තමන් කොට ඇඳුම් අඳින එක ගැන ලොකු උනන්දුවක් ආකර්ෂණයක් පිරිමින් තුල ඇතිවෙලා තිබෙන බව නිරෝෂා පෙරේරා පවසන අතර අමීෂා කාවින්දි පවසන්නේ කොටට අන්දම ලස්සනයි කියලා හැමෝම පවසන බවයි.

සංජනා පීරිස් පවසන්නේ කොට ඇඳුම් හැමෝටම ගැලපෙන්නේ නැති වුනත් තමාට හොඳට ගැලපෙන් බවයි.


කොට ඇඳුම් මට මැච් වෙනවා - සංජනා පීරිස්


කොටට අඳින්න විශේෂ ආසාවක් නැහැ.

නමුත් මේ කාලේ අඳින්නේ නැති ඇඳුම් වයසට ගිහින් අඳින්න ද? අනෙක කොට ඇඳුම් හැමෝටම ගැලපෙන්නේ නැහැ.

එකටත් ගැලපෙන හැඩරුවක් තිබිය යුතුයි. කොට ගවුම මට මැච් වෙනවා.

ඒ හින්දා මම කොටට අඳිනවා. ෆැෂන් ෂෝ වලට, ටෙලි නාට්‍යය වලට, ගෙදරදීත් මම කොටට අඳිනවා.

හැබැයි පාරේ ඇඳගෙන නම් යන්නේ නැහැ.

කොටට ඇන්දා කියලා අපි ගැන වැරදියට හිතනවානම් ඒක මානසික ලෙඩක්.

මගේ කොට ඇඳුම් ගැන පිරිමින් තුල උනන්දුවක් ඇතිවෙලා - නිරෝෂා පෙරේරා


මගේ ඇඳුම් ඩිසයින් කරන්නේ මමමයි. දෙවියන්ගේ පිහිටෙන් මම ආසාවට කරපු දේ පස්සේ ෆැෂන් එකක් වෙලා තියෙනවා.

මම කොට ඇඳුම් අඳින එක ගැන ලොකු උනන්දුවක් ආකර්ෂණයක් පිරිමින් තුල ඇතිවෙලා තිබෙනවා.

කොටට ඇඳීම මටනම් සාමන්‍යය දෙයක්.

කොච්චර කොටට ඇන්දත් ලස්සන හා ආකර්ශනීය විතරක්නම් තමයි ඒ චරිතය ගැන මිනිසුන්ට මතක හිටින්නේ.

මට ඒ වාසනාව තියෙනවා. සමහරු මුළු ඇඟම පේන්න කොටට අන්දලා හිටියත් ඒ ආකර්ෂණය නැහැ.

මගේ ඇඳුම් ගොඩක් ඒවා කොටයි - ඒවා අන්දම මට පහසුයි - අමීෂා කාවින්දි


මමනම් කොටට ඇඳුම් අඳිනවා. එහෙම කියල නිරුවත පෙන්වමින් ඇඳුම් අඳින්නේ නැහැ.

තැනට ගැලපෙන විදියට තමයි මම අඳින්නේ.

හැමෝම කියන්නේ මට කොටට අන්දම ලස්සනයි කියලා.

මගේ ගොඩක් ඇඳුම් තියෙන්නේ කොට ඒවා.කොට ඇඳුම් අන්දම හරි පහසුයි. මට පහසු හින්ද අඳින්නේ.

අනෙක කොටට අන්දම මම ලස්සනයි කියල හැමෝම කියන්නේ
 
Top