ඇමති ටී.බී. ගෙන් අහන්න ඕන ඒවා ජිනා මැඩම්ගෙන් අහන්නද | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ඇඟ තිබ්බට මොළේ නැතැයි අමාත්‍ය ටී.බී ඒකනායක මහතා කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස රාමනායක මහතා පවසන්නේ කලාකරුවන්ට සිද්ධවෙන අසාධාරණකම් පිළිබදව සංස්කෘතික හා කලා කටයුතු පිළිබද අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගෙන් විමසන්නේ නැතිව බම්බලපිටියේ මසාජ් සෙන්ටර් හිමිකාරිනිය ජිනා මැඩම්ගෙන් විමසන්නේ දැයි යනුවෙනි.

ඒ සදහා උත්තර බම්බලපිටියේ ජිනා මැඩම්ට දිය හැකි නම් කලාකරුවන්ට සිදුවන සියලූ අසාධාරණකම් ඇය වෙත ඉදිරිපත් කළ හැකි වුවත් එහෙත් ජිනා මැඩම්ගෙන් උත්තර ලැබෙන්නේ ඇමතිවරයාට පමණක් බවත්,

කලාකරුවන් වෙනුවෙන් කතා කරන්නට අද කිසිදු ඇමතිවරයෙක් නැති බවත් හෙතෙම පැවසීය.

‘සංස්කෘතික ඇමතිතුමා මට කියනවා ඇඟ තිබ්බට මොළේ නැතිලූ. මම පසුගිය දවසක පාර්ලිමේන්තුවේ කතා කළේ සංස්කෘතික හා කලා කටයුතු පිළිබද විෂයෙන් බැහැර වෙලාලූ. අනේ ඉතින් මම මේ ගරු ඇමතිතුමාගෙන් අහන්නේ ඇයි බැරිද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ට කලාකරුවන්ට තියෙන කාලීන ප‍්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න. ඒකට අපිට නිදහස නැද්ද?

මේ වගේ ගොං කතා කියනකොට තේරෙනවා කාටද මොළේ නැත්තේ කියලා. මට නම් ඇඟ හරි තියෙනවා. එතුමාට ඇගයි මොළෙයි දෙකම නැහැ.

හැබැයි මේ ටී.බී ඒකනායක ඇමතිතුමා මම කරන්න හිටපු කතාව කලින් දැනගෙන ඒක අහන්න ලොබියේ ඉන්නෙත් නැතිව පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ හැංගුණා.ඊට පස්සේ පුස්තකාලේ ඉදගෙන ඒක අහගෙන ඇවිල්ලා දැන් මට මඩ ගහන්න හදනවා’ යයිද මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් කීවේය.
 
Top