‘රෝසි’ ගැන කියන්න ගායක අමල් උදේම කොස්ගොඩ පොලිසියේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

‘රෝසි’ නමින් හඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ බ්‍රහස්පතින්දා(19)පෙනී සිටි බව වාර්තා වේ. සිය නීතීඥවරු මාර්ගයෙන් ඒ මහතා උදෑසන 7.30ට පමණ කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් උඩුගම මහතා ඉදිරියේ පෙනීසිට ඇත.

නීතිඥවරුන් වන සංජීව සෙනෙවිරත්න,සාබ්වික වෙල්ලප්පිලි, ලිලාන් අමරකෝන් සහ අමල් පෙරේරා ගේ සොහොයුරු සොහාන් පෙරේරා යන මහත්වරුන් පොලිස් ස්ථානය වෙත පැමිණ සිටියහ.


කෙසේවෙතත් රෝසි’ නමින් අඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ පිළිබඳව කට උත්තරයක් ලබා දීම සඳහා බදාදා (18) කොස්ගොඩ පොලිසියට එන ලෙස ගායක අමල් පෙරේරාට පොලිසිය දැනුම්දීමක් කැර තිබුණද ඒ මහතා බදාදා වෙනුවට බ්‍රහස්පතින්දා (19) පොලිසියට පැමිණෙන්නට කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාල් උඩුගම මහතාගෙන් අවසර ඉල්ලා තිබිණි.
 
Top