රුවන් හෙට්ටිආරච්චිගේ ස්ටුඩියෝ එකට හොරු පැනලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නොදැක ඉන්න බෑ.. ගීතය නිසා ජනප්‍රිය වුණ රුවන් හෙට්ටිආරච්චිගේ මිරිහානේ පවත්වාගෙන ගිය මෑතකදී විවෘත කරන ලද සංගීත ස්ටුඩියෝවට පෙරේදා රාත්‍රී කිසියම් පිරිසක් ඇතුළුවී එහි සියලූ වටිනා උපකරණ සොරාගෙන ගොස් ඇති බවට වාර්තා වෙනවා.
රුපියල් ලක්ෂ දොළහමාරකට අධික

වටිනාකමින් යුත් සංගීත නිෂ්පාදන උපකරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇත. මිරිහාන නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම ස්ටුඩියෝව
විවෘත කරන ලද්දේ පසුගිය ජූලි මාසයේ මුලදීය.

රුවන් හෙට්ටිආරච්චි ජනප්‍රිය ටෙලි නිළි ෂෙරිල් ඩෙකර්ගේ සැමියා වන අතර ෂෙරිල්ට අයත් කොළොන්නාවේ රූපලාවන්‍යාගාරය විවෘත කළ දිනට පසුදාම රුවන්ගේ ව්‍යාපාරික ස්ථානය සොරු බිඳීම පසුපස කිසියම් සැකසහිත තත්වයක්ද ඇති බව රුවන් ප්‍රකාශ කරනවා.

භාණ්ඩ සොරාගෙන ගිය පිරිස කිසියම් අසභ්‍ය වචන කිහිපයක් බිත්ති පුරා ලියා ගොස් ඇතැයිද වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දැන් මිරිහාන පොලිසිය පරීක්ෂණ අරඹා තිඛෙනවා.
 
Top