‘නයන කුමාරි’.. කුමාර වෙල්ගම පාර්ලිමේතුවේ සභාගත කරයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන්ට ඕන කුමාරියක් බලා ගන්න හැති බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ප‍්‍රවාහන අමාත්‍යංශයේ අයවැය විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ තමා අඩි හයක් උඩ නිසා ඕනෑම කාන්තාවක් තමාට කැමැති වන බවයි. තමාට රුහුණු කුමාරි, ගාලූ කුමාරි ඕනෑ කුමාරියෙකු බලා ගන්නා හැකි බවත් එය තමා එදා සිට කරගෙන ආ එකක් බවත් සිහිපත් කලේය.
මෙහිදී එජාප මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා අදහස් පල කරමින්

බොහෝ දුම්රිය සඳහා අගට ‘කුමාරි’ යන්න යෙදීමට මෙසේ පැහැදිලි කලේය. ‘දැන් බලන්න කතානායකතුමනි, බොහෝ කෝච්චිවලට නම් තියෙන්නේ රුහුණු කුමාරි, ගාලූ කුමාරි, සාගරිකා, රජරට රැජිණි, යාල් දේවී. ඒ විතරක් නෙවෙයි නයන කුමාරි’ කියලත් කෝච්චියක් තියෙනවා’

ඊට පිළිතුරු ලෙස වෙල්ගම ඇමතිවරයා ’ඔව් ඇයි ඉරිසියාද.. ඕන කුමාරියක් බලාගන්න මට පුළුවන්’ යයි පැවසීය.
 
Top