අගලවත්ත වෙයන්ගල්ල ප්රදේශයේදී පොලිසිය විසින් ගව ඝාතකාගාරයක් වටලා තිබේ. එම ගව ඝාතකාගාරය තුල මී ගවයන් දෙදෙනුකු ඝාතනයකොට කිලෝ 400 ක පමණ මස් රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙසේ පොලිසියට කොටුවී ඇත.
මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ එම ප්රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් සිව්දෙනෙකු විසිනි. එම ගව ඝාතකාගාරයේ එල හරක් මැරීම සඳහා ප්රාදේශීය සභාවෙන් බලපත්රයක් ලැබී තිබුනත් මී ගවයන් මැරීමට නීතිමය අවසරයක් ලැබී තිබී නොමැත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනා අතර බලපත්රහිමියා නොවන අතර
ඔවුන් ඊයේ දිනයේ මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කොට ඇත. අගලවත්ත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමට යන අවස්ථාවේදී පාමුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරීන් තිදෙනෙකුද එම ගව ඝාතකාගාරය අසල ගැවසී ඇති බවට ගම්වාසින් ප්රකාශකොට තිබුණි.
ගවඝාතකාගාරය වැටලු අවස්ථාවේ ජායාරූප පහතින් (කරුණාකර සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)
Home
»
»Unlabelled
» අගලවත්තේ ගව ඝාතකාගාරයක් වටලයි