දෛනිකව 500 කට අධික පිරිසක් මෙම මාර්ගය භාවිතා කරමින් තම ව්‍යායාම කරන අතර නිසියාකාරයෙන් සැකසූ ඇවිදීමේ මංතීරුවක් මෙහි නොමැතිවීමෙන් එම පිරිස් මුහුණ දෙන ගැටලු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අවධානයට ලක්කෙරිණ.
ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි
කිලෝමීටර් 2.5 ක දුර ප්‍රමාණයකින් යුත් මෙම නව ඇවිදීමේ මංතීරුවේ ඉදිකිරීම් කටයුතු ළඟදීම ආරම්භ කෙරේ.
ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන අතර ඒ සදහා නාගරික සංවර්ධන අධිකාරියේත්, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේත් සහාය හිමිවේ.