බසය පෙරලි මියගිය ගණන 12ක් දක්වා ඉහල යයි
ඊයේ රාත්‍රී පුනාගල ප්‍රදේශයේදී බස් රථයක් රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරුන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 දෙනෙක් දක්වා ඉහල ගොස් ඇත. බණ්ඩාරවෙල සිට පූනාගල දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයක් පූනාගල ප්‍රදේශයේදී ආදී 300ක ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදු විණි.මෙම අනතුරුන් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.ඔවුන් බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වල ප්‍රතිකාර ලබයි.
අනතුරුන් මිය ගිය අයවලුන් අතර කාන්තාවන් 5 දෙනෙක් සිටින අතර කුඩා දරුවන් නොමැත.
මෙම රිය අනතුර සිදු වූ ස්ථානයේ තවත් තුවාල කරුවන් සහ මියගිය පුද්ගලයින් සොයා දියතලාව යුද හමුදා කඳවුරේ සෙබලින් හා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඡායාරූප අනුග්‍රහය ලංකාදීප