නාවලපිටිය, කටුගොල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
දින ගණනාවක් පුරා පියාගේ පහරකෑමට ලක්වන බව කියන මෙම දරුවන් තිදෙනා සම්බන්ධයෙන් පොලීසිය ලද තොරතුරකට අනුව නිවසේ සිරකර සිටිය දී ඔවුන් සොයාගැනීමට හැකිව තිබේ.
වයස අවුරුදු 8 ක පිරිමි දරුවෙකු, වයස අවුරුදු 11 හා අවුරුදු 13 ක ගැහැණු දරුවන් දෙදෙනෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් නාවලපිටිය මහරෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම දරුවන්ගේ මව විදෙස් රැකියාවක් සඳහා ගොස් ඇති බව ද සඳහන්ය.
සිද්ධියට අදාළ සැකකරු අද (09) නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.