ලංවිමට තෙල් නෑ… රටපුරා විදුලි සැපයුමට බාධා විය හැකිලූ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනන කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට ඉන්ධන සැපයීම සීමාකර තිබෙන හෙයින් ඉන්ධන නොමැතිවීමෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි ලංවිම සාමාන්‍යාධිකාරී නිහාල් වික‍්‍රමසූරිය මහතා පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව ණයට ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් නොව පෞද්ගලික විදුලිය බලාගාරවලටද ඉන්ධන හිඟයකට මුහුණ පෑමට සිදුවී ඇති ද ඒ මහතා පැවැසීය.

ලබන ජූනි මාසය වන තෙක් ණයට ඉන්ධන ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය තෙල්
සංස්ථාවෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවද හෙතෙම කීය.

ඉන්ධන සැපයීම තවදුරටත් සීමාවුවහොත් රටපුරා විදුලිය සැපයීමට ද බාධා ඇතිවිය හැකියැයි සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය.

ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1700ක් ගෙවිය යුතු යැයි විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් මණ්ඩලයේ පෞද්ගලික බලාගාරවලට රුපියල් කෝටි 2,100 ක් ගෙවිය යුතුව ඇතැයි ව්ක‍්‍රමසූරිය මහතා කීය.


 
Top