රාවණා සංවිධානය ඉල්ලයි - චිත්‍රපට සංස්ථාව සලකා බලයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

රැජ්ණිකාන්ත්, කමල් හසන්, විජය කුමාර්, සරත් කුමාර් යන තමිල්නාඩු රංගන ශිල්පීන් පෙනී සිටින චිත්‍රපට ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් වළකින ලෙස රාවණා සංවිධානය චිත්‍රපටි සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු රංගන ශිල්පීන් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව පෙනී සිටිමින් කටයුතු කරන්නට වූ නිසාවෙන් ඔවුන්ගේ චිත්‍රපට ගෙන්වීම වැළැක්විය යුතු බව රාවණා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.

එහිදී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කොට මේ පිළිබඳ සලකා බලා තීරණයකට එළඹෙන බවය.


 
Top