පහළොස් වියෑති බාල වයස්කාර පාසල් දැරියක්, දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි විසි හැවිරිදි තරුණයකු මෙම 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විසිසුරු ඩී, ඇම්. ජයරුවන් දිසානායක මහතා පෙරේදා (6 දා) නියෝග කළේය.
බන්ධනාගාර ගත කරන ලද්දේ වාන්ඇල ප්‍රදේශයේ තරුණයෙකි.
කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේ පදිංචි පියා නොමැති ඉතාම අසරණ පවුලක මෙඅඩු වයසේ පෙම්වතිය නිවසේ තබාගෙන සිටි පෙම්වතා රිමාන්ඩ්ම දැරිය සමඟ සැකකාර තරුණයා වසරක පමණ කාලයක සිට ප්‍රේම සම් බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇයට අවශ්‍ය පොත් පත්, ඇඳුම් පැළඳුම් පමණක් නොව ජංගම දුරකථනයක්ද රැගෙන දී ඇති අතර දැරියගේ මව සම්බන්ධයට එතරම් කැමැත්තක් දක්වා නොමැත.
කෙසේ හෝ ඉකුත් අප්‍රේල් 25 දා රාත්‍රි සැකකරු දැරියගේ කැමැත්ත මත ඇය තම නිවසට කැඳවාගෙන පැමිණ දැරියගේ වයස අවුරුදු 18 ක් බව තම දෙමාපියන්ටද පවසා දෙදෙනා එකට අඹුසැමියන් ලෙස හැසිරී ඇත. මේ සම්බන්ධයෙන් කිසිවකු විසින් 119 අංකයට කථාකොට සිද්ධිය දැන්වීමෙන් පසු සිද්ධියේ සියලු තොරතුරු හෙළිවී දැරියගේ වයස අවුරුදු 15 යි. මාස 3 ක් බවට සාක්ෂි ලැබීම මත බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාන්ඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Home
»
»Unlabelled
» අඩු වයසේ පෙම්වතිය නිවසේ තබාගෙන සිටි පෙම්වතා රිමාන්ඩ්