මාඔයේ තරගයට පිහිනූ දෙදෙනා දියේ ගිලී මරු දකී | Gossip lanka news Sinhala News Sinhala Cinema News


මාඔයේ දිය නාමින් තරගයට එගොඩ මෙගොඩ පිහිනමින් සිටි දෙදෙනකු පෙරේදා (1දා) සවස දියේ ගිලී මියගොස් ඇත.
දංකොටුව මැටිකොටුවේ පදිංචි සුරේෂ් කැනිසියුස් (47) සහ ලිංතොටගේ ආගර් යන දෙදෙනා මෙසේ මියගොස් තිබේ.
මැටි කැපීමේ රැකියාවේ නිරතවී සිටි මියගිය දෙදෙනා මාඔයේ දිය නෑමට ගොස් තරගයට පීනමින් සිටියදී දියේ ගිලී ඇති බව පොලිසිය කියයි.
දන්කොටුව පොලිසිය පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි.
කන්තලේ දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් සොරාගෙන
කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ, වාන්ඇළ - රවීන්ද්‍ර
ත්‍රිකුණාමලය කන්තලේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙනැවිත් 99 හරස් මාර්ගය හා තඹලගමුව දුම්රිය ස්ථානය අතර මාර්ගය අසල ගොඩගසා තිබූ සිල්පර ක¼දන් තොගයක් පෙරේදා (1දා) රාත්‍රියේ අතුරුදන්ව ඇති බවට තඹලගමුව ප්‍රධාන දුම්රිය මාර්ග පරීක්‍ෂක පැපලිවල ගමගේ ලක්‍ෂ්මන් යන අය තඹලගමුව පොලිසියට පෙරේදා (1දා) පැමිණිලි කොට ඇත.
සිල්පර කඳන් 14ක් මෙසේ සොරාගෙන ගොස් ඇති අතර ඒවාගේ වටිනාකම රුපියල් එක්ලක්‍ෂ දහතුන් දහස් පන්සීයකි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි සඳහන් කරන පොලිසිය එම ස්ථානයේ තිබූ සපත්තු අඩි කීපයක් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 
Top